Part 11

169 50 13
                                    

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

"කට්ටියම නැගිටින්න.. "jin ගේ දෙවනත් වෙන්න කෑගැහුවා. හැමදාම උදෙන්ම නැගිටින jin ට අනිත් අයව ඇහැරවගන්න පුදුම සටනක් දෙන්න ඕනේ. කලින් වෙච්ච ප්‍රශ්නේ නිසා jin දැන් තනියම තමයි නිදාගන්නේ (ලී ඉරන ).

එයා මුලින්ම ගියේ rm සහ suga ගේ කාමරයට. Rm නම් දැනටමත් ඇහැරිලා, ඒත් suga ගෙම්බා පොලේ ගහලා වගේ තාම නිදි. "ඒයි... min yoon gi නැගිටිනවා දැන් එළිවෙලා "jin පුළුවන් උපරිමයෙන් කෑගැහුවා. ඒ සද්දෙට මුළු building එකේ ඉන්න අයත් ඇහැරෙන්න ඇති. එතකොට තමයි suga උඩ ගිහිල්ලා බිමට වැටිලා ඇහැරුනේ 😂

Jin තරහෙන් පුපුර පුපුර ඊලග කාමරයට ගියා. ඒ කාමරයේ ඉන්නේ jh සහ jimin. හොද වෙලාවට දෙන්නම ඇහැරිලා. නැත්නම් උදේ පාන්දරම jin ගෙන් බැනුම් අහනයි වෙන්නේ. 

"අහ්. මගේ හොද කොල්ලෝ දෙන්නා "jin කාමරයේ curten එක ඈත් කරන ගමන් කිව්වා. 

"ඕකට ස්තුති කරන්න ඕන නෑ hyung ඔයා හැමදාම එහා කාමරේ සද්ද පූජාව පවත්වනකොට අපි දෙන්නට ඉබේම ඇහැරෙනවා "jimin හරිම අහිංසක විදිහට කිව්වා. 

ඒකට නම් jin රතු වුනා. "කටවහ ගන්නවා, මෝඩයා "දොරත් හයියෙන් වහලා යන්න ගියා. 

අන්තිම කාමරයේ, හිතා ගන්න පුළුවන්නේ කවුද ඉන්නේ කියලා. ඔක්කොටම වැඩිය අමාරු කාරයෝ දෙන්නෙක්. නිදාගන්නේ ඇදවල් දෙකක උදේට නැගිටිනකොට ඉන්නේ එක ඇදක. අනේ මන්දා මෙහෙම ඩබලක්. දෙන්නා හිටපු විදිහ දැකලා jin හිනා යන්න ආවත් අමාරුවෙන් හිනාව තද කරගෙන කතා කලා. 

"ඒයි පොඩි ළමයි දෙන්නා නැගිටිනවද? නැද්ද? නැත්නම් මං නැගිට්ටවන්නද? "Jin ඇහුවා. 

කිසි ප්‍රතිචාරයක් නෑ හරි jin මුලින්ම ගියේ jk ගාවට කිචි කවලම වැඩේ පටන්ගමු. එහෙම හිතලා jin, jk ව කිචිකවන්න පටන් ගත්තා. Jk එහාට මෙහාට ඇඹරි ඇඹරි දගලනවා. "එපා jin hyung "දගලපු පාර jk ගේ කකුලක් ගිහිල්ලා v ගේ ඇගේ වැදුනා. "යා... කවුද මට උදේ පාන්දර ගැහුවේ "v මුණත් අතගගා නැගිට්ටා. 

"Jk තමුන් නේද මට ගැහුවේ, මේකට මං...... "ඒපාර එදෙන්නා වලි. Jin හිමින් සැරේ දෙන්නව මග ඇරලා එලියට ගියා. "කොහොමහරි ඇහැරුනානේ එච්චරයි" jin තමන්ටම කියාගත්තා. 

කට්ටිය කොහොමහරි උදේ 8වෙනකොට ලෑස්තිවෙලා තම තමන්ගේ රාජකාරි වලට ගියා. 

දවල් කෑම වෙලාවට කට්ටිය මුණගැහුනා. ඒත් rm, suga, jh හිටියේ නෑ. 

"Namjoon hyung ආයේ පාරක් අලුත් සින්දුවක් ලියනවා, මං එයාට උදවු කරමින් හිටියේ ඒත් එයා කිව්වා මට ගිහිල්ලා කෑම කාලා එන්න කියලා "v සුප් හැන්දක් කටේ ඔබාගන්න ගමන් කිව්වා. 

"Hoseok එනවා කිව්වා නේද? "Jin ඇහුවා. 

"හදිසියේම එයාට අපේ cherographer එන්න කිව්වා කියලා එයාගිය. "Jimin කිව්වා. 

"Jin hyung කොහොමද ඔයාගේ සිංදුව "jk, banana milk එක බොන ගමන් ඇහුවා. 

"මං හිතනවා හොදට යනවා කියලා jk ඔයාට පුලුවන්ද මට මේකට උදවු කරන්න "jin ඇහුවා. 

"හරි hyung "jk මහපට ඇගිල්ල උස්සලා ප්‍රතිචාර දැක්වුවා. 

"එතකොට මට විතරද කවුරුත්ම නැත්තේ "jimin දුකින් ඇහුවා. 

"අයියො දුක් වෙන්න එපා පැටියෝ, ඔයාගේ උදවු නිතරම අපට ඕන වෙනවා, දැනට ඔයා විවේක ගන්නකො "jin-ජිමින්ව සැනසුවා. 



🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

To be continue.... 



MikrokosmosWhere stories live. Discover now