"මේ අනෙහ් චුට්ටක් අයින්වෙන්න.... "
"ආ.. ඇගේ හැපුණා නේද?? සමාවෙන්න, "
"Alex ඔයා අපේ nim ව දැක්කද? "කැන්ටීන් එක දිහාවට යනගමන් සිටි alex ව නතර කරලා saku ඇහුවා.
"ආ.. මේ මොකෝ දාඩියත් දාගෙන? ඇයි හදිස්සියක් වත්ද saku? "Alex, saku ට හුස්ම ගන්නවත් ඉඩක් නොතියා ප්රශ්න වැලක් අහගෙන ගියා.
"Ow ow බරපතල හදිස්සියක්, ඉතිං ඉක්මනට කියන්නකෝ දැක්කද? "Saku හති අරින ගමන් ඇහුවා.
". Garden එක පැත්තට යනවා දැ.. "alex ට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ saku දුවලත් ඉවරයි.
දැන් දවල් කෑම වෙලාව මට බඩගිනි දැනුනේ නෑ, ඒ නිසා මං garden එක පැත්තට ආවා. ඒත් මං තනියම. Saku ගැන නම් කියලා වැඩක් නෑ, ඉක්මනට එනවා කියලා ගියා ගියාමයි තාම ආවේ නෑ. මං හිතින් saku ටත් බැන බැන හිටියා. ඒත් මගේ හිතේ වැඩිවෙලාවක් තරහ තිබුනේ නෑ. තරහා නිවුනේ ඈතින් දැකපු දර්ශනය නිසා. මෙහෙ ඇවිල්ලා මාස කීපයක් ගත උනාට මොකද මං තාම මෙහෙ මල් වර්ග අදුරන්නේ නෑ. ඒත් ඒ මල නම් මගේ හිතේ සෑහෙන්න ඉඩක් අත් පත් කරගත්තා. "චෙරි මල් "මට ඉබේටම කිය වුනා.
"ඒයි nim "saku දුර තියාම කෑගහගෙන ආවා. ඔන්නඉතිං ආවා කරච්චලේ. මොනවා උනත් මගේ අතිජාත මිත්රයානේ.
"ඇයි මොකද? "මං තරහෙන් ඇහුවා.
"අනේ සුදූ තරහා ගන්නේ නැතුව අහන්නකො, මට ඔයාට කියන්න good news එකක් තියෙනවා "saku ඉවසිල්ලක් නැතුව කියාගෙන ගියා.
"මං මේක අද උදේ notice board එකේ දැක්කේ, ඒකෙ දාලා තිබ්බා පදරචනා (සිංදු )තරගයක්, ඕනම කෙනෙක්ට ලියන්න පුළුවන්, හැබැයි ලියලා දෙන්නා පුළුවන් එක සිංදුවයි "express කෝච්චිය වගේ කියවගෙන ගියා.
"හොදයි, එතකොට භාෂාව "මං කෙටියෙන් ඇහුවා.
"Korean "එයා හිනාවෙලා කිව්වා.
"ඉතිං අපි මේ රටේ අය නෙවෙයි නේ, අපිට තරගෙට යන්න පුලුවන්ද? "මං තව ප්රශ්නයක් ඇහුවා.
"අහ් කියන්න අමතක උනා, ඒගොල්ලන්ගේ භාෂාව දන්නවනම් රට ප්රශ්නයක් නෑ කිව්වා "
"Saku මං අවංකවම අහන්නේ ඔයා හිතන්නේ අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලද "මං rivers ගියර් එක දාලා ඇහුවා.
"ඇයි nim ඔයාට මේ ගැන විශ්වාසයක් නැද්ද? "Saku මුණ බෙරි කරන් ඇහුවා.
"මං කිව්වේ අපි මෙහෙට අලුත්, අනික අපිට වඩා මෙහෙ ඉන්න අය ගොඩක් දක්ෂයි "
"ඇයි අපි දක්ෂ නැද්ද? "
"ඕකනේ කියන්නේ, මංදැන් කිව්වේ එහෙම දෙයක් ද? පොඩ්ඩක් මේ තත්වේ ගැන තේරුම් ගන්න "මං සෑහෙන්න ඉවසීමෙන් කිව්වා. ඒක කිව්වා විතරයි saku ගේ මුණ වෙනස්වුනා. තව මොනවහරි කිව්වොත් මෙතන අඩන්න පටන්ගනී. මං එයාට ඕන විදිහට මාතෘකාව වෙනස්කලා.
"හරි තව මොනවද ඒ notice එකේ තිබ්බේ "
"මං දැන් ඔයාට කියපුටික තමයි, අහ් තවදෙයක් මේ තරගයෙන් ජයග්රහණය කරන අයට කොරියානු පදරචනා ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකත්වය ලැබෙනවා. "Saku ඒ වචන ටිකනම් කිව්වේ හරිම සතුටෙන්.
මං දැක්කා saku ගේ ඇස් දෙක. බලාපොරොත්තු ගොඩක් තියෙනවා. තරගය 💯යි. අවස්ථාව 0.001යි. මං කොහොමද ඒක මේ පිස්සිට කියලා දෙන්නේ. තරගය පරාද උනොත් එයාට ගොඩක් දුක හිතෙයි. ඒත් මොනවා කරන්නද? අකමැත්තෙන් උනත් මං සහයෝගය දෙන්න පොරොන්දු වුනා.
"හරි saku අපි මේක කරමු "මං කිව්වා විතරයි කෙල්ල මාවත් බදාගෙන උඩ පනින්න ගත්තා.
"Thank you nim "saku මාව බදාගෙන කිව්වා.