Part 16

146 46 2
                                    

"ඔය දෙන්නා දැනටමත් දන්නවා ඇතිනේ "Dean අපි දිහා බලලා කතා කරන්න පටන් ගත්තා. "මේ තරගයට විශ්වවිද්‍යාල 3ක්‌ විතරයි සහභාගී වුනේ. එතනදීත් ළමයි 250කට වැඩි පිරිසක් සහභාගී වෙලා තිබුනා. ඒ අතරින් පලවෙනි තැන ලැබුනේ අපේ විශ්වවිද්‍යාලයේ ඔය දෙන්නට. ඒකට මට ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් ස්තුතියි. ඒ වගේ ජයග්‍රහණයක් ලබා දුන්නට. "

ඊළගට එතුමා අපිට හදුන්වා දුන්නේ තරගය සංවිධානය කරපු තැනැත්තාව. "හොදයි එහෙනම් අදුරගන්න මේ ඉන්නේ Bighit ආයතනයේ ප්‍රධානීතුමා mr.Bang Hyun Shike. මෙතුමා තමයි මේ තරගය සංවිධානය කලේ ".

ඇත්තටම මොකක්ද දැන් සිද්දවෙන්නේ, මං saku දිහා බැලුවා. වැඩක් නෑ එයා එයාගේ හීන ලෝකේ දැනටමත් එයා bts ලත් එක්ක සම්බන්ද වෙලා ඉවරයි. එතකොට මම.. මේ වෙන කිසි දෙයක් මට හිතාගන්න බෑ. මං පියවි ලෝකෙට ආවේ mr. Bang ගේ කටහඩින්. 

"ඇත්තටම ඔය මම මගේ උණුසුම් සුභ පැතුම් එක්කරනවා තරගය ජයග්‍රහණය කලාට. මම පෞද්ගලිකවම ඒ පද ටික කියෙව්වා. ඒවා හරිම ලස්සනයි, ලස්සනටත් වඩා එතෙන තියෙන හැගීම්, එහෙම දැනෙන ලියන්න හැමෝටම බැහැ. නමුත් ඔය දෙන්නා ඒ වැඩේ සාර්ථකව කරලා තිබුනා "PD  nim අපිට ප්‍රශංසා කලා. 

මං saku ගේ මුණ දිහා බැලුවා, එයා මගේ මුණ දිහා බලන් ඉන්නවා, දැන් අපි දෙන්නටම ඕනේ කෑගහල උඩ පනින්න, ඒත් මෙතන ඒක කරන්න බෑ මොකද කට්ටියම ඉන්නවනේ තව චුට්ටක් ඉවසනවා. 

"ඔබ තුමන්ලාගේ වැඩ පිළිවෙල සදහන් කලොත් හොදයි නේද mr. Bang "Dean කිව්වා. 

"ඔව් මම දැන් එතනට තමයි එන්නේ, ළමයි මේ contract එකක්‌  විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගිවිසුම පවතින්නේ  අවුරුද්දකට පමණයි. "

"එතැනදී ඕගොල්ලන්ට අපේ නීතී රීති වලට යටත් වෙන්න සිද්ධවෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන විදිහට තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ ගැන බයවෙන්න එපා. වැදගත්ම දේ තමයි ඔය ඔය දෙන්නට වැඩ කරන්න වෙන්නේ BTS ලත් එක්ක. මං හිතන්නේ ඒගොල්ලෝ කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවා. (ඕක අහන්නත් දෙයක් ද )ඉතිරි විස්තර හෙට ගිවිසුම අත්සන් කරන වෙලාවට දැන ගන්න පුළුවන් "

"මං හිතන්නේ හැමදේම පැහැදිලියි නේ, ඔය දෙන්නට දැන් යන්න පුළුවන්, නැවතත් මගේ සුභ පැතුම් !"Dean අපිට එලියට යන්න අවසර දෙන ගමන් කිව්වා. 

Office එකෙන් එලියට ආපු ගමන් අපි දෙන්නා ගියේ garden එකට. එතනට ගිහිල්ලා දෙන්නම හයියෙන් කෑගහල උඩපැන්නා. මටත් වඩා saku ට තමයි ගොඩක් සතුටු. ඊට පස්සේ අපි ටිකක් සන්සුන් වෙලා අසල තිබ්බ බංකුව උඩින් වාඩි වුනා. අපි දෙන්නම වචනයක් වත් කතා කලේ නෑ. මුලින්ම කතා කලේ saku "නිම්සරා ඔයාට ගොඩක් පින් "saku මගේ දිහා බලාගෙන කිව්වා. ඒ ඇස් දෙකේ තියෙන හැගීම් මට දැනුනා. "මං කලේ පොඩි උදවුවක් සකු "මම එයාගේ අත් දෙක අල්ලගෙන කිව්වා. 

"ඒ උදව්ව පොඩි උනත් ආත්ම ගානකට ඇති හොදක් වෙන්න "සකු ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කිව්වා. 

"මේ අදහස දුන්නේ ඔයා, ඔයයි මේකට උනන්දු වුනේ, ඉතිං ඒ පිනෙන් කොටසක් ඔයාටත් අයිතියි "මං කඳුළු පිහදන ගමන් කිව්වා. මෙහෙම හිටියොත් මාත් අඬලා තමයි නවතින්නේ. 

"දැන් ඇති සකු, අපිගෙදර යමු "මං බංකුවෙන් නැගිටින ගමන් කිව්වා. 

"මේ දැන්ම ලංකාවට යන්නද ඔයා හදන්නේ "මේ මොන විකාරයක්ද ඒපාර කියවන්නේ මෙයාට පිස්සු හැදිලද මුලින් මෙතන ඇඩුවා, මෙයාගේ වයර් මාරුවෙලා ද කොහෙද? 

"කවුද කිව්වේ දැන් ලංකාවට යන්න ඕන කියලා "මෙයා උදේට මොනවා හරි වැරදි දෙයක්වත් කෑවද? ඒක වෙන්න බැහැ, අපි දෙන්නම කෑම කෑවේ එකටනේ. 

"ඇයි දැන් ඔයාමනේ කිව්වේ ගෙදර යන්න ඕනේ කියලා "සකු මං දිහා බලලා කිව්වා. 

ආයිත් විකාර කියවනවා, දෙයියනේ මෙහෙම වුනොත් අපි දෙන්නට bighit එකට නෙවෙයි යන්න වෙන්නේ පිස්සන් කොටුවට. මේකා විතරක්නම් කමක් නෑ, අසරණ මටත් යන්න වෙන එකනේ ප්‍රශ්නේ? 

"ඊට ඉස්සෙල්ලා කියන්න ඔයාගේ ඔලුව කොහෙහරි වැදුනද කියලා, අනික ඔයා හිතන් ඉන්නේ මං ජනාධිපති කියලද කියන පරක්කුවට ෆ්ලයිට් එකක් ලෑස්ති කරලා දෙන්න "මං තරහෙන් ඇහුවා. 

"ආ.. නෑ නෑ. ඉතිං ඕකට තරහා ගන්න ඕන නෑ මං විහිළුවක් කලේ "හෑ මෙච්චර වෙලා මු කරලා තියෙන්නේ විහිළුවක් ද? නෑ මං මුකුත් කියන්නේ නෑ, කිව්වට වැඩකුත් නෑ.. 


🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

To be continue... 

අදනම් ටිකක් හරි නෑ වගේ 😁


MikrokosmosWhere stories live. Discover now