Part 18

149 48 4
                                    

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

@yesterday night at bighit company🎵🎵

"Miss lee ගිහිල්ලා අර 7ට විනාඩි 10ක්‌ ඇතුලත conference රූම් එකට එන්න කියන්න "

"හොදයි sir "

Miss lee ඉක්මනින්ම practice room එක ගාවට ගියා. එතකොටම කාමරයේ දොර ඇරගෙන jimin එලියට ආවා. 

"Miss lee "jimin ආචාර කරනගමන් කිව්වා. 

"ආ.. jimin කෝ අනිත් අය තාම ඇතුලෙද? "ඇය දොර ඇරගෙන ඇතුලට යනගමන් jimin ගෙන් ඇහුවා. 

"Ow, අපි දැනුයි practice ඉවර කලේ මොකක් හරි හදිස්සියක්ද miss lee "? 

Miss lee ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදී අනිත් අයව හම්බවෙන්න ගියා. 

"කරදර කලාට සමාවෙන්න, ඕගොල්ලන්ව හම්බවෙන්න ඕන කියලා ceo කිව්වා, තව විනාඩි 10ක්‌ ඇතුලත conference room එකේදී "ඇය ආචාර කරලා  පිටත්ව ගියා. 

"ඇයි දන්නෑ අපිට එන්න කිව්වේ "jimin හැමෝගෙම මුණු දිහා බලලා ඇහුවා. 

"ගිහිල්ලම බලමු jimina, තව විනාඩි 2යි තියෙන්නේ පරක්කුවුනොත් දන්නවනේ "jin ඔරලෝසුව දිහා බලලා කිව්වා. (වෙන මොනවා වෙන්නද බැනුම් අහනවා ඇරෙන්න )

හැමෝම වාඩි වුනාට පස්සේ PD nim කතා කරන්න පටන් ගත්තා. 

"හොදයි, හැමෝම මම කියන දේ හොදින් අහගන්න, හෙට අපේ ආයතනයට විශේෂ දෙන්නෙක් එනවා. ඒ දෙන්නම පදරචනා ශිල්පීන්, හැබැයි අපි දන්න කියන ප්‍රසිද්ධ අය නෙවෙයි නමුත් මේ දෙන්නත් ඒ තරමට දක්ෂයි. දක්ෂයි කිව්වේ ඒගොල්ලන්ගේ මට්ටමින් මිසක් වෙන අයගේ මට්ටමින් නෙවෙයි. "

"ඒ දෙන්නා ඕගොල්ලෝ ඉස්සරහට ලියන්න ඉන්න සිංදු වලට උදව් කරයි. මගේ දිහා ඔය විදිහට බලන්න එපා ළමයි, මම ඔයගොල්ලන්ගේ දක්ෂතා හෑල්ලුවට ලක්‌කරනවා නෙවෙයි. මේක අපිට  අමාරු කාලයක් පොඩ්ඩක් තේරුම් ගන්න. අනික තව දෙයක් ඒ දෙන්නට ඕගොල්ලන්ගේ උපරිම සහයෝගය දෙන්න අමතක කරන්න එපා "

"හරි එහෙනම් මං හිතනවා හැමදේම හොදින් සිද්ධවෙයි කියලා. ප්‍රශ්න මුකුත් තියෙනවද? " PD nim කට්ටිය දිහා බලලා ඇහුවා. 

මුලින්ම අත ඉස්සුවේ tae "sir මට ප්‍රශ්නයක් තියෙනවා "(මෙයා ගාව තියෙන්නේ මාරයා ගාවත් නැති ප්‍රශ්න )

"Ow කියන්න tae "

"Sir ඒ එන්නේ ගෑණු ළමයි ද? පිරිමි ළමයි ද? "ඒ ප්‍රශ්නෙට නම් ඉතිරි අය කටවල් ඇරගෙන tae දිහා බලාගෙන ඉන්නවා, හරියට නිකන් වැරදි දෙයක් ඇහුවා වගේ. Jin මේසේ යටින් tae ගේ කකුලට පාරක් ගැහුවා හැබැයි ඒක වැදුනේ yoongi ට අසරණ yoongi. 

ඒ ප්‍රශ්නෙට නම් PD nim ට හිනාගියා. මේ ළමයි අහන ප්‍රශ්න "හරි මම දැනට දන්න ටික කියන්නම් ඉතිරි ටික හෙට ඒ දෙන්නා ආවහම අහගන්න. එන්නේ ගෑණු ළමයි දෙන්නෙක් "

"අපේ රටේද? "ඒ පාර jimin මැද්දට පැන්නා (මෙයාටත් ඕන්නැති දෙයක් නෑ )

"නැහැ විදේශික, ඒ දෙන්නා මෙරට විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා, jk ට වඩා අවුරුද්දක් බාලයි, දැන් ප්‍රශ්න ඇහුවා ඇති කට්ටියම දැන් තමන්ගේ කාමර වලට යන්න, එහෙනම් සුභ රාත්‍රියක් !"PD nim ඉක්මනට කියලා දැම්මේ නැත්නම් ඉතිං මෙතන එලි වෙනකම් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා. 

🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

To be continue.... 

Thank you for reading my ff 



MikrokosmosWhere stories live. Discover now