💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
Today 🎵🎵
Saku ගේ කරදරේ හින්දම උදේ 10ට පැය භාගෙකට කලින් අපි bighit එකට ආවා. දැන් ඉතිං මොකද කරන්නේ? Receptionist ගිහින් කිව්වම appoinment එක තියෙන්නේ 10ට නිසා ටිකවෙලාවක් lobby එකේ ඉන්න කිව්වා. Saku ට නම් ගානක්වත් නෑ බිත්තිවල එල්ලලා තියෙන පින්තූර දිහා බලාගෙන ඉන්නවා., phone එක අරගෙන එක එක විකාර කරනවා. මං ඉතිං එයා කරන විකාර දිහා බලාගෙන ඉන්නවා. ටිකකින් අපි දිහාවට ගෑණු කෙනෙක් ආවා. අම්මෝ එයාගේ ලස්සන මෙච්චර ලස්සන අයද මේකේ වැඩ කරන්නේ මං එයා දිහා බලලා කල්පනා කරන්න පටන් ගත්තා.
එයා අපි ව ඇතුලට අරගෙන ගියා. අපිත් වචනයක් වත් කියන්නේ නැතුව එයත් එක්ක ගියා. ඇතුලට යන්න පුළුවන් වුනේ අපි දෙන්නට විතරයි.
දැන්නම් අපි දෙන්න හොදටම බයවෙලා ඉන්නේ, හදගැස්ම හොදටම වැඩියි කොයි වෙලාවේ පිපිරෙයි ද දන්නේ නෑ. වම් අත පැත්තේ මුලින්ම තියෙන කාමරයට තමයි ගියේ. කාමරයේ දොර ඇරියම saku කලන්තේ දැම්මේ නැති ටික විතරයි. මෙච්චර කල් tv එකේ you tube එකේ දැකපු කට්ටිය මෙන්න දැන් ඇස් ඉස්සරහම. අද නම් ඉවරයි.
"Anyohaseyo miss nim &miss saku "PD nim අපිට ආචාර කලා. "මේ ඉන්නේ කවුද කියලා ඔය දෙන්නා දන්නවා මං හිතන්නේ, ඔය දෙන්නා ලියපු සිංදුව මං මේගොල්ලන්ට දුන්නා. ඒගොල්ලෝ ඒ ගැන බලයි. සින්දුවේ මොනවා හරි අඩු පාඩු තියෙනවානම් ඒවා සාකච්චා කරලා වෙනස් කරගන්න පුළුවන් "
"ඒත් මං හිතන්නේ එහෙම කරන්න අවශ්‍ය නෑ, මොකද ඒ සින්දුවේ කියන්න තරම් අඩු පාඩුවක් තිබ්බේ නෑ "Bang PD හිනාවෙලා කිව්වා. "
"ගොඩක් ස්තුතියි ඔබතුමා අපේ සිංදුව තෝරගත්තට, ඉදිරියටත් හොදින් වැඩ කරන්න පොරොන්දු වෙනවා "මං විනීතව ස්තුති කලා
"දැන්ම වැඩ පටන්ගන්න අවශ්‍ය නැහැ. මං miss lee ට කතා කරලා කිව්වා ඔය දෙන්නටමේ වටපිටාව පොඩ්ඩක් හදුන්වලා දෙන්න කියලා, මුලින්ම අපි අමුත්තන්ට ආගන්තුක සත්කාර කරලා ඉන්න එපැයි. හොදයි එහෙනම් miss ලීත් එක්ක යන්න. "
අපි දෙන්නා miss lee ගේ මගපෙන්වීම යටතේ ආයතනය බලන්න ගියා. ඇතුලත හරිම ලස්සනයි. නවීන පන්නයේ ගෘහභාණ්ඩ වලින් පිරිලා. අපි අවසානයට ආවේ විසිත්ත කාමරයට, එතැනදී අපිට සංග්‍රහයක් එහෙම ලෑස්ති කරලා තිබ්බා. හැබැයි ඒ කෑම මේසේ දැක්කහම බඩ කෙසේ වෙතත් හිත නම් පිරුණා. (ඇත්තටම ඒගොල්ලෝ එහෙම සංග්‍රහ කරනවද දන්නේ නෑ, )
උදේ 10ට ඇතුලට ගිය අපි එලියට ආවේ හවස 6ට විතර පුරුදු වෙන්නත් එක්ක අපි දෙන්නා ගෙදර ගියේ bus එකේ.
"අම්මෝ මගේ කකුල් දෙක හොදටම රිදෙනවා "මං කකුල් දෙකත් අල්ලගෙන ඇදේ දිගා වුනා. ඇයි දෙයියනේ දවසම කරේ හිටගෙන ඉන්න එකනේ.
"මගේ ඇගනම් පොඩ්ඩක්වත් රිදෙන්නේ නෑ, තව ටික වෙලාවක් ඉන්න තිබුනා නම් "saku මං ගාවින් ඇලවෙන ගමන් කිව්වා. ඔව් ඉතිං එයාට මොකද අරගොල්ලෝ දිහා බලබල ඉන්න තිබුනා නම් ඇති වෙන මුකුත් ඕන නෑ.
"අම්මෝ ඒගොල්ලන්ගේ ලස්සන "
"ලස්සන තමයි, එකෙක්වත් අපි එක්ක නිකමටවත් හිනා වුනාද, මහ ආඩම්බර කාරයෝ ටිකක් "මං කේන්තියෙන් කිව්වා.
"එක්කෙනෙක් හරි හිනා වුනානේ මට ඒ ඇති "saku, phone එක දිහා බලාගෙන කිව්වා.
"ඔව් ඔව් එයාට අපිව පෙනුනද දන්නේ නෑ හිනා වෙනකොට "
"ඇයි එහෙම ඇහුව්වේ "
"මොකද එයා හිනා වෙනකොට ඇස් වැහෙන නිසා "
"අහ් ඒ තමයි jimin, එයා ශෝක් නේ "
"වෙන නැත්නම් තමයි "මං ඇස් දෙක පියාගන්න ගමන් කිව්වා.
"නපුරි, එන්න එපා එයාට අනන් මනං කියන්න "saku මුණත් රතු කරගෙන කිව්වා.
මං ඒකට මුකුත් කියන්න ගියේ නෑ.
"මෙහ් ඒක නෙවෙයි අපිට ආයි කවද්ද එන්න කිව්වේ "saku ඇදෙන් නැගිටින ගමන් ඇහුවා.
"සෙනසුරාදා "මං කෙටියෙන් උත්තර දුන්නා.
🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
To be continue...