Part 20

132 49 0
                                    

දවස් ඉක්මනට ගෙවිලා ගිහින් සෙනසුරාදත් උදාවුනා. අද අපි උදේ 8වෙනකොට bighit එක ඇතුලේ. (වෙලාවට වැඩ කරන්න එපැයි )අපි ඒගොල්ලන්ව දකින දෙවෙනි දවස, එදා වගේම අදත් වට මේස සාකච්චාව. 

CID එක වගේ මුලින්ම අපෙන් ප්‍රශ්න කරන්න ගත්තේ RM 

"ඇත්තටම මේ සිංදුව මුලින් ඔයදෙන්නා ලිව්වේ අපේ භාෂාවෙන්ද? "Rm ඉදලා ඉදලා හොද ප්‍රශ්නයක් ඇහුවා. 

"නැහැ "මං උත්තර දුන්නා. 

"එතකොට තරගෙට ඉදිරිපත් උනේ කොහොමද? "Suga ඇහුවා. 

"අපි මේ සිංදුව korean භාෂාවට පරිවර්තනය කලා "

"මේක ඕගොල්ලන්ගේ රටේ වෙන කවුරුහරි ලියපු එකක්ද? "Suga තව ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ saku 

"අපිට කාගෙවත් ඒවා කොපි කරන්න අවශ්‍ය නෑ, ඔය සිංදුවේ නියම අයිතිකාරය nim "saku තරහෙන්  කිව්වා. 

"අනික අපි එහෙම බොරුවක් කරානම් විනිශ්චමණ්ඩලයට ඒක දැනෙනවා. "මාත් වැඩේ අතාරින්නෙ නැතුව කිව්වා. 

අපි තරහෙන් ඉන්න බව jin ට දැනුනු නිසා තත්වය පාලනය කරන්න සමාව භාජනය කලා. 

"අපි එහෙම ඇහුවේ ඔයගොල්ලට  රිද්දන්න නෙවෙයි, අනික මේකේ බරපතලකම ඔය දෙන්නා දන්නවා ඇතිනේ "

"අපි ගැන වැරදියට හිතන්න එපා "jk බනී හිනාව දාලා කිව්වා. 

"කවුරු මොනවා කිව්වත් මං නම් ඔයාගේ පැත්තේ nim "v අපි දෙන්නට මිත්‍රත්වයේ දෑත දිගු කරන ගමන් කිව්වා. 

"ඇයි මමත් "ජිමිනුත් අත දුන්නා. 

"ඔයා මගේ බලාපොරොත්තුව, මං ඔයාගේ බලාපොරොත්තුව "jh කිව්වා. 

"මාව අමතක කරන්නේ කොහොමද, මාත් ඔයගොඩේම තමයි "jk කිව්වා. 

"දැන් එතකොට අපි කිව්වද එහෙම නෑ කියලා, අපිත් ඔය ගොඩේම තමයි "jin හිනාවෙලා කිව්වා. 

ඒ හිනාව වැඩි වෙලාවක් තිබුනේ නෑ එක්කෙනෙක්ගේ කෑගැහිල්ල නිසා. 

"දැන් හුරතල් උනා ඇති "suga සද්දෙට කිව්වා විතරයි හැමෝම එක පාරටම suga දිහා බැලුවා. ඇයි වදේ චුට්ටක් කතා කරන්න බැරිද? අනිත් අය මුණ ඇඹුල් කරගත්තා. 

"ඇයි අපි වැඩ පටන්ගන්නේ නැද්ද "suga කට්ටියගේ මුණු දිහා බලලා ඇහුවා. එයානම් දැනටමත් වැඩ පටන්අරගෙන කොලයක් අරගෙන මොනවදෝ ලියනවා. ඒ එයාගේ හැටි එයාම ඒක කියලා තියෙනවා ඉතිං අපි මොනවත් කියන්න ගියේ නැහැ. 

"කාලය අපතේ යවන්න එපා ළමයි "v, suga ගේ කටහඩ අනුකරණය කරමින් කිව්වා. 

ඒකටනම් හැමෝම හිනාවුණා. Suga ඇරෙන්න, මුණත් තරහෙන් රතු කරගෙන කාමරයෙන් එලියට ගියා. 

🕛 වැඩ කරන්න ගත්තහම කාලය යනවා තේරෙන්නේ නැහැ. 

       අපි දෙන්නා එකතුවෙලා තව සිංදුවක් ලිව්වා. ඒකෙ තියෙන්නේ තමන්ගේ දෛවය වෙනස් කරගත්ත කෙනෙක් ගැන. නොපෙනෙන දෙයකට තමන්ගේ ජීවිතය පාලනය කරන්න නොදී තමන්ට අවශ්‍ය විදිහට ජීවිතය වෙනස් කරගත්ත අය එමගින් ලෝකෙට යහපතක් කරපු අය ගැන තමයි ඒ සින්දුවෙන් කියවෙන්නේ. 

මේ සිංදුවට ප්‍රධාන දායකත්වය සැපයුවේ මමයි rm මුයි. ඊට අමතරව අනිත් අයගේ අදහසුත් මේකට ඇතුලත් කලා. මම දවසින් වැඩි හරියක් ගතකලේ පුස්තකාලයේ සහ අන්තර්ජාලයේ යි.හැම වෙලාවෙම කරේ අලුතින් දැනුම එකතු කරගත්ත එක. වෙන වැඩක් කරන්න කොටින්ම game එකක් ගහන්නවත් මට වෙලාවක් හම්බවුනේ නෑ, ඇත්තටම හරි අමරුයි මේ ජීවිතය (idol)දරාගන්න. එතකොට මේ 7දෙනා මේක කොහොම දරාගන්නවා ඇතිද? 

Saku නම් එක වැඩකට ඇලිලා හිටියේ නෑ, හැම වැඩක්ම කලා. වැඩිපුරම හිටියේ studio එකේ. මොකද එයාට හොදට piano ගහන්න පුළුවන්. ඉතිං අනිත් අය ඒක දැනගත්තට පස්සේ saku ට නිකන් ඉන්න නම් දුන්නේ නෑ, දවසෙම අලුත් තනු නිර්මාණය කරන්න දුන්නා. එයා හිතන් හිටියේ මට උදවු කරලා බේරෙන්න. මේ වැඩ නිසා එයාගේ break නැති කටත් දැන් වැහිලා. 


🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

To be continue......  

MikrokosmosWhere stories live. Discover now