Part 21

134 48 2
                                    


ඔය අතරේ අපි ලියලා දුන්නු මුල්ම සිංදුවට තනු නිර්මාණය කරලා, record කරලත් ඉවරයි. මං ඉතිං ඔයගැන දැන ගත්තේ පස්සේ මොකද මගේ හිතේ නිතරම වැඩ කලේ අලුතින් ලිව්ව සිංදුව ගැන ඒකට වැඩි අවදානයක් යොමු වෙනකොට අනිත් දේවල් ගැන හැගීමක් තිබ්බේ නෑ. දවසක් jin ආවා මාව හොයාගෙන. 

"Hey nim, ඔයා කොහෙද හිටියේ "

"අහ්.. මං පොඩ්ඩක් rooftop එකට ගියා, හුළං ටිකක් වදින්න ඇතුලේ ඉදලා හරි අමාරුයි "හුළගට අවුල්වුන මගේ කොන්ඩේ හදන ගමන් කිව්වා. 

"ඔයාට දැන් තේරෙනවා ඇතිනේ අපි ගත කරන්නේ කොයිතරම් අමාරු ජීවිතයක්ද කියලා "jin අසල තිබ්බ පුටුවක ඉදගන්න ගමන් කිව්වා. 

"ඒකනම් මටත් දැන් තේරෙනවා, අපි නොදන්න නොදකින පැති ගොඩක් මේ ජීවිතය තුල තියෙනවා "

"හරි දැන් අපි මේ කතාවට කොමාව (, )දාලා යමු මාත් එක්ක "jin දොර අරගෙන එලියට යන ගමන් පැවසුවා. 

"ඉස්සෙල්ලා කොහෙටද යන්නේ කියන්නකෝ "

"Studio එකට "

"ඒ මොකටද? "

"ඇයි ඔය දෙන්නා ලියපු සිංදුව අහන්න ආස නැද්ද "jin මගේ දිහා බලලා ඇහුවා. 

"ඒක record කරලත් ඉවරද? "ඔව් කියන්න jin ඔලුව වැනුවා. 

"යමු "මං එයත් එක්ක library එකේ දොර වහලා එලියට ආවා. 

අපි දෙන්නා ගියේ ප්‍රධාන studio එකට. හැමෝම එතනට ඇවිල්ලා හිටියා. Saku මටත් කලින් එතනට ඇවිල්ලා විකාර කර කර ඉන්නවා. මං ඇතුලට ආවට පස්සේ ඒ ගොල්ලෝ සිංදුව play කලා. 

සිංදුව ඇහෙන්න පටන් ගන්නකොට මගේ මුළු ඇගම හිරි වැටිලා ගියා. දෙවියනේ ඒ මගේ වචන, මගේ හැගීම් ඒකට දායක වුනු කටහඩවල් ටික සිංදුව තවත් ලස්සන කලා. වචනයක් වචනයක් ගානේ දැනෙන හැගීම් මගේ හදවත ස්පර්ශ කලා. සිංදුව ඉවර වෙනකොට මගේ ඇස් දෙකේ කඳුළු පිරිලා. 

"ඔයා අඬනවද nim "jk මගේ දිහා බලලා ඇහුවා. 

"නෑ, මුකුත් නෑ "මං කඳුළු පිහදන ගමන් කිව්වා. 

"මොකද්ද මේ සිංදුවට දාන නම "saku කට්ටියගෙන් ඇහුවා. 

ඒ වෙලාවේ හැමෝම බැලුවේ මගේ දිහා "ඇයි මං දිහා බලන්නේ "

"සිංදුවේ අයිතිකාරයා ඔයා, ඉතිං ඔයාම මේකට නමක් දෙන්න "rm මගේ දිහා බලලා කිව්වා. 

"ම්ම්... mikrokosmos "කටට ආපු මුල්ම වචනේ මං කියලා දැම්මා. 

"මොකක් "v ඇහුවා. 

"Mikrokosmos, එකේ තේරුම තමයි ආදරය, මිත්‍රත්වය සහ කරුණාවන්ත බව "අද උදේ කියවපු පොතේ තමයි ඒ වචනේ තිබ්බේ නැත්නම් මෙයාලා හිතයි මං බීලා කියවනවා කියලා. 

"ඒ නමත් හොදයි "suga ආයි පාරක් මොනවදෝ කුරුටු ගාන ගමන් කිව්වා. 

"ඒ වගේම අපි ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔය දෙන්නට මේ වගේ අමාරු කාලයකදී අපිට උදවු කලාට "jin කිව්වා 

"Jin oppa දන්නවද ඒකට අපේ භාෂාවෙන් කියන්නේ පින් කියලා "saku ලොක්කා වගේ කිව්වා. 

"මොකක්ද? Pen "ඒ පාර ඇහුවේ JH 

"නැහැ නැහැ pen නෙවෙයි පින් "මං නිවැරදි කලා. 

"ඒ මොනවද, සල්ලි ජාතියක්ද? "V ඇස් දෙකත් හීනි කරලා ඇහුවා. 

"ඒවා සල්ලි වලටත් වඩා වටිනවා, අපි කවදාවත් මිලක් නියම කරන්නෑ පින් වලට "මං කිව්වා. 

අනිත් අය හොල්මන් දැකලා වගේ බයවෙලා බලන් ඉන්නවා. අපේ භාෂාව එයාලා දන්නේ නෑනේ. 

Mikrokosmos සිංදුව නිකුත් කරලා දැන් සති 3ක්‌ වෙනවා. Korea වේ තිබ්බ හැම සංගීත චාර්ට් එකකම මුල් තැනට ආවේ අපේ සින්දුව. ඊට අමතරව billboard top 100 වලටත් සින්දුව ගිහින්. කට්ටියම පුදුම සතුටකින් ඉන්නේ. වැඩිපුරම සතුටු වුනේ makne line එක අපි දෙන්නව දකින දකින වාරයක් පාසා ඇවිල්ලා වැලදගන්නවා. අනිත් අයගෙන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොමහරි අපිට රාත්‍රී භෝජන සංග්‍රහයකටත් ආරාධනා ලැබුනා. සතුට සමරන්න. 


🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

Please leasten to mikrokosmos song by bts 

To be continue..... 




Mikrokosmosحيث تعيش القصص. اكتشف الآن