❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"ටේ, හසාරද ඒ...."
"හ්ම්...ඒ එයා තමයි...මට බය අරූ අස්සට ගිහින් මොනා කරනවද දන්නේ නෑ...දැන් කොච්චර වෙලාද..."
"මං ගිහින් බලල එන්නම්...."කියල ටේ නැගිටිනකොටම ජිමින් එලියට ආවා....මූණ නම් අවුල්....
"අපි යං hyung"
"ජිමිනා...මොකක්ද වුනේ"
ඒත් ජිමින් කතා නොකරම කොෆි ෂොප් එකෙන් එලියට බැහැලා යන්න පටන් ගත්තා....අර හයදෙනාත් අන්දුන් කුන්දුන් වෙලා....
"අපිත් යං"...ජින් කිව්ව විතරයි හැමෝම එලියට ඇවිත් ජිමින්ගේ පස්සෙන් ගියා...
යන ගමන් එක්කෙනෙක්වත් කතා නෑ....ජිමින් නිකම් කවුරුහරි මරන්න එනව වගේ ඇවිදින්නේ.....
ගෙදර ආවට පස්සේ වත් ජිමින්ගෙන් විස්තරයක් දැනගන්න කාටවත් බැරි වුනා....මොනාහරි අහපු ගමන් බොරු හිනාවක් දාලා මාරු වෙලා යනවා....
ජිමින් සාමාන්‍යය විදිහට හිටපු හින්දා අනිත් අයට හිත හදාගන්න පුළුවන් වුනා....
ඒත් මේ ජිමින්ගේ පොඩි හොරයක් තියෙනව කියල කාටවත් තේරුනේ නෑ....
ඊළග දවසේ උදෙත් ගේ අස්සටම වෙලා ඉන්න කට්ටියට සිද්ධ වුනේ...bts ලා හත්දෙනා දැන් ඉන්නේ බුසාන්වල කියල නිව්ස් එක පැතිරිලා තිබ්බ හින්දා....මදෑ නිවාඩුවකට කියල ආවා....
ඒත් හවස හතට විතර මී පැටියෙක් ගෙදරින් එලියට යන එක කාටවත් නෝට් වුනේ නැති හැටි.....
ජිමින් හිමීට ගෙදරින් එලියට ආවේ කෝකටත් කියල මාස්ක් එකකුත් දාගෙනමයි.....
පයින්ම ඇවිදගෙන එයාට ඕන තැනට ඇවිල්ලා එතන තිබ්බ ගහකට හේත්තු වෙලා හිටියේ එයාට ඕන කරන කෙනා එතනට එනකම්....
ගහට හේත්තු වෙලා මනුස්සයෙක් ඉන්නව කියල නම් පාරේ යන කාටවත් පේන්නේ නෑ....විනාඩි 10කින් විතර එයාට ඕන කරන කෙනා එලියට ආවා....ගහ ගාව අවතාරයක් ඉන්නව ඇති කියල එයා හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති.....
එයා ගහ ගාවින් යන්න හදනකොටම ජිමින් එයාව අතින් ඇදල ගත්තා...නොහිතූ වෙලාවක සිද්ධ වුනු දේ හින්දා එයත් ඇදිලා ගියා හුලගට අහුවුනු පිහාටුවක් වගේ....
YOU ARE READING
❤Dream Lovers❤ || BTS [Completed]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...