Part 01.

64 6 0
                                    

🦋 පෙම්බර
        අධිරාජිනී 🦋

දනව් සරා ඔබම සොයා මාගෙ රැජිනී
පෙම් කරමි සදා ඔබ වෙනුවෙන් ප්‍රේමනී
භවයෙන් පුරා යුද සරා මා එමි ආදරනී
ආලොක කරන් සෙනෙහෙන් රාජධානී

                   ලෝකයෙන් සැගව ගිය අන්දකාර අහස යට පාලු නිම්නයේ හුදකලාවේ නැගි සිටි දැවැන්ත රාජදානිය මැද විසල් මන්දිරය පුරා ඇසුනෙ පුන්චි බිළිදියකගෙ හැඩුම් හඩ විතරයි. ඒ හඩ හද කම්පා කරන වේදනාවක් විතරයි. මන්දිරයෙ විසල් යහන් කුටියේ ද්වාරය ඉදිරිපිට හිස නවාගෙන සිටින අදුරු සෙවක සෙවිකාවන් එක පියවරක් තබන්න සුදානම් නැ. ඒ දොරටුවෙන් ඇතුලට යන්නට තරම් ඔව්න්ට ශක්තියක් නැ. නමුත් මන්දිරයක් නොව මේ මුලු අදුරු රාජධානියේ එකම කුමරිය උනු පුන්චි බිළිදියගේ හැඩුම් හඩ කිසි කෙනෙකුට දරාන්න බැරි වේදනාවක්. ඒත් ඊටත් වඩා වේදනාවක් මේ දොරෙන් ඇතුලේ සිටින ඒ හදවත විදිනවා.

විසල් යහනාවේ සුරතල් පුන්චි අත් සොලවමින් පුන්චි රෝස තොල් උල් කරලා ඒ රත් පැහැ බොල් ඇස් වල කදුලු පුරවගෙන පුන්චි බෙල්ල වම් පැත්තට හරො හරො මසක් පමන කිවහැකි දෝනි හැඩුවෙ අම්මාගෙ උනුසුම වෙනුවෙන්. ඒ රෝස සුරතල් ඇගිලි ඒ උනුසුම දැනෙන්නාක් මෙන් ඒ සුදු දිගු ඇගිලි වෙත ලන් වෙන්න උත්සහා කලා. ඒත් ඒ හුරතල් පුන්චි මූන දිහා බලාගෙන ඇගෙ ඇස් වලින් කදුලක් ගලාගෙන ගියා.

මගේ දෝනි... අම්මිට සමාව දෙන්න මැනික... අම්මිත් අමාරුවෙන්නේ...

අදිරා මුලු අතටම වාරු දිලා යන්තම් ඔලුව උස්සලා පුන්චි දොනි ලගට ලන් උනේ අනිත් අතින් යටි බඩ අල්ලාගෙන. යහන පුරා විසිරුන කාල වර්න දිගු කොන්ඩය කන පිටු පසට කරලා දු කුමරිය ලගින් පහත් වෙලා යන්තම් අල්ලාන් හිටපු පෙරොනාව පහත් කරලා ඒ පුන්චි මුවට අදිරාගෙ තවමත් නොවැඩුනු ලැම ලන් කලේ දොනිගෙ බඩගින්න නිවන්න. මව් පදවිය ගෙන ලේ කිරි වෙන්න දු කුමරිය වෙනුවෙන් නිසා අදිරා හැම වේදනාවක්ම දරා ගත්තේ ඒ නිසා.

පුන්චි දු කදුලු ඇස් වහගෙන හරි හදිස්සියෙන් බඩ පුරව ගත්තේ අදිරා කදුලු ඇස් වලින් බලාන් ඉද්දි. අදිරා දොනිගෙ සුදු රෝස වන් කම්මුල් අතරින් දග කරන කාල වර්න කෙස් රැලි පිරි මැද්දලා ඒ සුදු නලල් තලයේ තවම නොවැඩුන පුන්චිම පුන්චි සුදු පැහැ හුරතල් අං දෙක දිහා බලාන් හිටියේ හිත හිර කරගෙන. පුන්චි දෝනි ඔහුගේම ප්‍රතිරූපයයි.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 29, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

පෙම්බර අධිරාජිනීWhere stories live. Discover now