Chapter 18

571 90 100
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️

"Hyung....අපි යන්නම ඕනද?...."

"ඇයි උබ හිතුවද අපි මෙහෙ නතර වෙනව කියල..."

"බලහන් අද අපි කොච්චර කට්ටක් කෑවද?..."

ජින් දුක් ගැනවිලි ඉදිරිපත් කරනවා....

"දන්නවද...අපිට උබව හොයාගෙන එන්න මගේ හැන්ඩ්සම් මූණ මාකට් කරන්නත් වුනානේ...."

"ඇයි hyung මොකක්ද වුනේ?..."ජිමින් නාම්ජූන් ගාවට ගිහින් සේරම අහගත්තා....

"අනේ hyung....ඒ girls ලා දෙන්න තාම drom එක ගාව හිටගෙන ඉන්නවද දන්නේ නෑ...."

"ඒක තමයි මී පැටියෝ කිව්වේ ඉක්මනට යං...හදිස්සියේවත් එයාල ගිහින් තිබ්බොත් අපිට එයාලව හොයන්න වෙනවනේ....ඒ වගේම හසාරගේ යාළුවාත් තාම drom එකේ...අර girls ලා වැරදිලාවත් drom එක අස්සට ගිහින් සුමිව දැකල තිබ්බොත් මල කෙලියයි..."

"අපි ගිහින් ඒ girls ලා දෙන්නට වාහනේ භාර දීලා සුමීවත් එක්කගෙන ආපහු එමු..."

"ආයෙත් එනවනම් යං"....

"සර් ඔයාල කාගේ හරි ෆෝන් නම්බර් එකක් දෙන්න...."නර්ස් කෙනෙක් එතනට ඇවිත් පොඩ්ඩක් ඇඹරි ඇඹරි ඇහුවා...

"ෆෝන් නම්බර් එකක්...."

"ඔව් සර්...පේෂන්ට්ගේ භාරකාරයගේ විස්තර අපිට ඕන කරනවා...."

"බය වෙන්න එපා සර් අපි....කාගෙවත් පෞද්ගලික විස්තර පිටට දෙන්නේ නෑ...ඒ වගේම අපේ උවමනාවට පාවිච්චි කරන්නෙත් නෑ...." අර හත්දෙනා බය වෙලා වගේ හිටපු නිසා නර්ස් කිව්වා....

"සර්...ඔයාලට අවිශ්වාසයි වගේ නම් ඒ girlගේ දෙමව්පියන්ගේ හරි යාළුවෙක්ගේ හරි නම්බර්ස් වුනත් කමක් නෑ...."

දෙමව්පියෝ නම් කොහොමත් නෑනේ....යාළුවෙක්ට හරි ඉන්නේ සුමීයි,සූමිනුයි විතරනේ....සුමිගේ නම්බර් එක හොයන්න දැන් වටේ කැරකෙනවා....

"කා ගාවද සුමීගේ නම්බර් එක තියෙන්නේ?...."

"Hyung...හිතුවද අපි සුමීව කලින් ඉදන් දන්නව කියල නම්බර් තියා⁣ගන්න....හසාරා ගාව ඇති...."

"මං ඉල්ලං එන්නම්...."ජිමින්ට ඉතින් අන්තිම මොහොතේ හරි හසාරව බලන්න ඕන...

❤Dream Lovers❤ || BTS [Completed]Wo Geschichten leben. Entdecke jetzt