Chapter 19

572 93 156
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මේ වෝඩ් එකේ තව රූම්ස් තියෙද්දීත් කොහොමද හසාරගේ රූම් එකම ගිනි ගන්නේ....ඒකත් සුමී එලියට යනකම් ඉදලම.....

ගින්න ගොඩක් පැතිරිලා නැති හින්දා ඉක්මනට ගින්න නිවාගන්න පුළුවන් වුනත් රූම් එකෙන් බාගයක්ම පිච්චිලා ඉවරයි.....

හැමතැනම තිබ්බේ පිච්චිච්ච සේලයින් බෝතල් , සුමී ගේ ෆෝන් එකත් බිම බාගෙට පිච්චිලා....එතකොට හසාරා කෝ?...එයා....පිච්චිලාද?....

නර්ස්ලා,ඩොක්ටර්ස්ලාවත් පෙල්ලගෙන සුමී හසාරව හොයනවා.....

"හසාරාාාා...."කෙල්ලගේ ඇද නම් අගුරු වෙලාම ගිහින් ....ඒ කියන්නේ හසාරත් ....

කෙල්ල අඩාගෙනම බිම ඉදගත්තා......

"මම තමයි ඔයාව දාලා ගියේ තනියම....මං හින්ද ඔයා අද...."

කෙල්ල බිම ඉදගෙන අඩ අඩා විනාඩියක් විතර ඉන්න ඇති....

"එයා ඉන්නවා..."

"මොකාාක් කෝ...."සුමී කෑ ගහපු නර්ස් හිටපු දිහාට නැගිටලා ගියා.....නර්ස් හිටියේ වොෂ්රෑම් එකේ දොර ගාව.....හැම තැනම හෙව්වට මේක අස්සේ බැලුවේ නෑනේ....

ගින්න හින්දා දොරත් පිච්චිලා බාගෙට ගැලවිලා එල්ලෙනවා.....වොෂ්රෑම් එකත් චුට්ටක් කළු වෙලා දුම වැදිලා ....

හසාරා හිටියේ වොෂ්රූම් එකේ බිම වැටිලා....සිහිය නැතිවෙලා....

"නර්ස්...එයාව වෙන රූම් එකකට මාරු කරන්න...."එතන හිටපු ඩොක්ටර් කෙනෙක් කිව්වා....

හසාරව වෙන රූම් එකකට මාරු කරාම ඩොක්ටර්ස්ලා ආයෙත් එයාට treat කරන්න පටන් ගත්තා ....

"එයාට දුම වැදිච්ච හින්දා සිහිය නැති වෙලා තියෙන්නේ...එයාට සිහිය ආවම තමා අනිත් ඒවා කියන්න වෙන්නේ....එයා හොදින්...ගින්නෙන් එයාට හානියක් වෙලා නෑ...." ඩොක්ටර් සුමීට කිව්වම කෙල්ල සැනසුම් සුසුමක් හෙලමින් පුටුවකින් ඉද ගත්තා.....

ඩොක්ටර් ආයෙත් හසාරව චෙක් කරන්න ගියා....

සුමිට ටිකක් වෙලා ගියා පියවි සිහියට එන්න....

මේක ජිමින්ට කියන්න එපැයි....ජිමින්ට කිව්වොත් බැනුම් අහගන්නත් වෙනවා කියල දන්නව වුනත් එයාට මේක කියන්න වෙනම හින්දා කෙල්ල හසාරගේ ෆෝන් එකෙන් ජිමින්ට කෝල් එකක් ගත්තා.....

❤Dream Lovers❤ || BTS [Completed]Donde viven las historias. Descúbrelo ahora