❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් අදුරු දවසක්...මුළු දවසෙම වහිනවා වහිනවා ඉවරයක් නෑ...ඒ මදිවට කරන්ට් එකත් නෑ......උදේ වුනත් හවස වගේ පෙනුනේ....
එක්කෙනෙක් ජනේලෙන් එලියේ වැස්ස දිහා බලාගෙන කල්පනා කරනවා.....
"හෝප්...."
එකපාරම ඇහුනු කටහඩින් එයා පිටිපස්සට හැරුනා...."සුමී...."
"මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන...."
"ඔව් කියන්න..."
"මියානේ...මං හින්දා ඔයාට විදවන්න වුනානම්...."
"නෑ...සුමී එහෙම එකක් නෑ....."
"මං දැක්කා ඔයා අඩන්න වගේ ඉන්නවා...ඔයා දුකින් ඉන්න ඕන කෙනෙක් නෙවෙයි...ඔයා හැමදාම හිනාවෙලා ඉන්නනේ ඕනි...."
"මං කොහොමද සුමී හිනාවෙලා ඉන්නේ....මං ආදරේ කරපු කෙනා මේ විදිහට මාව ප්‍රතික්ෂේප කරනකොට මං කොහොමද සතුටින් ඉන්නේ කියල ඔයාම කියන්නකෝ...."
"හෝප්...."
"බොරුද සුමී මං කියන්නේ ...මං කොහොමද සතුටින් ඉන්නේ ඔයා නැතුව...ඇයි මාව මේ විදිහට ප්‍රතික්ෂේප කරන්නේ?..." හොබී කෙල්ලගේ උරහිස් වලින් අල්ලගත්තා....
"හෝප්....ඔයා idol කෙනෙක් මං සාමාන්‍යය කෙල්ලෙක්...ඉතින් කොහොමද අපි දෙන්න ගැලපෙන්නේ.....ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි..."
"හොද කෙනෙක් වුනත් නැතත් මං ඔයාට විතරයි ආදරේ සුමී.....ඒවගේම idol කෙනෙක්ට ආදරේ කරන්න බැරිද...ඒක තහනම්ද?...ඔයා සාමාන්‍යය කෙල්ලෙක් නෙවෙයි සුමී....ඔයා තමයි මගේ මුළු ලෝකෙම...."
කෙල්ල එක එල්ලෙම හොබී දිහා බලාගෙන ඉන්නවා....කෙල්ලගේ වගේම කොල්ලගේ ඇස්වලත් කදුළු....
"සුමී...ඔයා මට ආදරේ නැත්තම් ඇයි ඔය ඇස්වල කදුළු...මාව අතෑරලම දැම්මනම් ඇයි ආයෙත් මගේ ඉස්සරහට ආවේ..."
"හෝප් අපි දෙන්න හම්බුනු එක අහම්බයක්....මං හිතල ඔයාගේ ඉස්සරහට ආවේ නෑ...."
"ඒක අහම්බයක්ද...ඔයා දන්නවද මං ඔයාව කොච්චර හෙව්වද කියල....ඒත් දැන් අහම්බෙන් හරි හම්බුනාට පස්සේ ඔයා කියනව මාව ඕන නැල්ලු..."
ESTÁS LEYENDO
❤Dream Lovers❤ || BTS [Completed]
Fanficᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...