❤❤❤❤❤❤❤❤❤❤
තද සීත කාලේ අවසානෙන් පස්සේ ආයෙත් සකුරා මල් පිරිච්ච සුන්දර වසන්ත කාලේ ආයෙත් ආවා...සීත කාලේ ජනශූන්‍යව තාබ්බ හන් රිවර් පාර්ක් එක ආයෙත් ජනාකීර්ණ වුනේ bts ලට ඒ පැත්තට යනව තියා හිතන්නවත් බැරි කරවන ගමන්...ඒත් මෙච්චර ලස්සන කාලගුණයක් තියෙද්දිත් ගෙදර අසසට වෙලා ඉන්නේ නැත්තේ මොන මෝඩයාදැයි ජිමින් බුද්ධිමතාට හිතුනා....ජින් අයියාට හොරෙන් drom එකෙන් පනිනව කියන්නේ ජේකේ හාවාට හොරෙන් බනානා මිල්ක් එකක් තනියෙන් බොනවා වගේ අමාරු වැඩක්නේ.....ඒ හින්දා ජිමින් මහාචාර්යට එයාගේ සූටි මොලේ පොඩ්ඩක් හොල්ලලා බලන්න වුනා ඒකේ අස්සේ තියෙන්නේ මොනාද බලන්න....පැය ගානකට පස්සේ ජිමින් සූකිරි බෝලෙට ගොන් පහේ අදහසක් ආවා ඉතින්...
"ජින් hyung යන්න දෙයි එයාටත් එන්න කිව්වොත්"
ඔන්න ඔය මැටි අදහස ක්‍රියාත්මක කරන්න ජාඩියට මූඩිය වගේ ගැලපෙන ටේ කියල ඒලියන් කෙනෙකුත් ඉන්නවනේ....ඒ හින්දා සූකිරි බෝලෙට බය වෙන්න දෙයක් නෑ....
"යාාාා...ටේ......."
හීනෙන් වගේ ආපු ගොන් අදහස ක්‍රියාත්මක කරන්න හිතාගෙන ජිමින් උදේම ඇහැරෙද්දි ටේගේ කකුල් දෙක ජිමින්ගේ මූණේ.... හුස්ම ගන්න බැරි පාර ජිමින් බෙරිහන් දුන්නේ....ඒ සද්දෙට ටේ කොට්ටෙත් එක්කම ටයිල් පොලවට පත බෑවුනා...
"ඇයි.....අර එවිල් හාවා ප්‍රහාර එල්ල කරාද?..."
"මොන හාවෙක්ද?....උබේ කකුල් තිබ්බේ මගේ මූණේ මනුස්සයෝ...."
"ආා...සොරි ඉතින්..."
"සොරි?....සමාව දෙනව පොඩි වැඩක් කරල දුන්නොත්...."
"ගුටි කන වැඩ නැතුව ඕන එකක්..."
"ජින් hyung ට මාත් එක්ක අැවිදින්න යන්න එන්න කියනවකෝ....."
"හාපෝ.....අපේ ජින් hyung ව ඇවිද්දන්න....ඊට වඩා හොදයි මට කිව්වනම් යූන්ගි hyung නිදාගෙන ඉද්දි වතුර එකක් හලන්න කියලා....මං කරන්නම්..."
"එහෙනම් කරපන් ගිහින්..."
"හාපෝ.....කිව්ව පලියට කරන්න කියන්න එපා...මං පව්නේ...."
"ජින් hyung අද අපේ ලොකු නෑනව බලන්න යනවා කිව්වා...වෙන කොහෙවත් එක්කං යනවා බොරු...."
DU LIEST GERADE
❤Dream Lovers❤ || BTS [Completed]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...