ඉර එළික්වත් හරියට වැටුනේ නැති කාමරේක මාස ගානක් හිරවෙලා හිටියොත් ඔයාගේ හිතට මොනවා දැනෙයිද?
ජියාගේ හිතෙත් මේ වෙනකොට ඒ හැම හැගීමක්ම තිබුනා.ඒත් වෙනසකට තිබුනේ ජියා ඒ හැගීම් වලට හුරු වෙලා තිබුන එක.
මුලදිම ජියාට ඕනේ වෙලා තිබුනේ කොහොමහරි මෙතනින් පැනගන්න.ඒ වෙනුවෙන් එයා පුලුවන් හැමදේම කලා.ඒත් ඒ කිසිම දේක ප්රයෝජනයක් තිබුනේ නෑ.ඒ නිසාම ජියා සද්ද නැතුව පාඩුවේ ඉන්න පටන් ගත්තේ කවදහරී මේ මිනිස්සුන්ගෙන් බේරිලා පැනලා යන අදහස සදහටම වල දාලා.
මාස ගානක් තිස්සේ එක එක මිනිස්සු ඇවිත් සිහිය නැතිකරලා එයාව තැනින් තැනට අරන් යන එකට කිසිමතේරුමක් කෙල්ල දැනගෙන හිටියේ නෑ.කෙල්ල කොච්චර කෑගහලා ඇහුවත් ඒ කිසිම ප්රශ්නෙකට කවුරුවත් උත්තර දුන්නේ නෑ. ඒ නිසාම ඒ ප්රශ්න කෙල්ල හිත ඇතුලේ මරලා දැම්මා.
ජියා ඇදගෙන හිටිය කලු ඩෙනිම් කලිසමයි shirt එකයි එකදිගටම ඇදන් ඉදලා කිලුටු වෙලා තිබුනත් ඒකගැන හිතන්න තරම් ජියා හොද සිහියකින් හිටියේ නෑ. ජියා කෑවෙ බිවුවෙත් බඩගින්න ඉවසන්නම බැරිවුනොත් විතරයි. හිර කරලා තිබුන හැම තැනකම තිබුන bathroomවල කණ්ණාඩියක් තිබුනත් කෙල්ල තමන්ගේ මූණ බලන්නවත් කැමති වුනේ නෑ.මොකද කෙල්ල හිටියේ ඇගෙන් විතරක් නෙවේ මනසෙනුත් දුර්වල වෙලා.මාස 8ක්.. 10ක්..
නෑ... කෙල්ලට හිතාගන්න බෑ දැන් කොච්චර කල්ද කියලා..
කෙල්ලට ජීවත් වෙලා ඉන්න එකම එක හේතුවයි තිබුනේ..
'එයා එයි.. කවදමහරි එයි..'
අන්න ඒ බලාපොරොත්තුව කෙල්ලව ජීවත් කලා.'ඇයි තාම මෙතන ඉන්නේ? මේ මිනිස්සුන්ට මාව මරන්නවත් ඕන වෙලාද?'
සතියෙන් සතියට වගේ කෙල්ලව තැනින් තැනට මාරු කරන මිනිස්සු, ගොඩ දවසක් එකම තැන ඉන්න එක පුදුමයක් වුන කෙල්ල එහෙම හිතුවා.
එකපාරටම දොර ඇරගෙන ආවේ, වෙනදා වගේම මූණ වහගත්ත මනුස්සයෙක්. කාමරේ මුල්ලකට වෙලා බිත්තියට හේත්තු වෙලා හිටිය ජියාට වෙනදා නැති කලබල ගතියක් ඒ මනුස්සයගේ තියෙන බව තේරුනා.ඒත් කෙල්ල ඕන දෙයක් වෙන්න කියලා වෙනදා වගේම ඔහේ බලන් හිටියා.ඒ මනුස්සයා සැර ගදක් ආව රෙද්දකුත් අරන් ලන් වුනේ වෙනදා වගේම සිහි නැති කරන්න කියලා කෙල්ලට දැනුනත් වෙනදට සිහි නැති වෙන්නේ වතුර වලට දාන මොනවහරි වලින් කියලා කෙල්ල තේරුන් ගත්තේ හැමවෙලේම සිහි නැති වෙන්න කලින් වතුර බිබී හිටියා කියන එක මතක නිසයි.'අද ඇයි මේ වෙනසක්' කෙල්ල හිතුවා.
ඇරපු දොරෙන් කෙල්ලට ලොකු කලබලේක සද්ද ගොඩක් ඇහුනා.මොනවහරි බඩු ගොඩාක් කුඩු වෙන සද්ද.. මිනිස්සු කෑගහන සද්ද.. වෙඩි තියන සද්ද..
"ජියා කොහෙද කියනවා.. මගේ ජියා කොහෙද කියනවා.."
අඩසිහියෙන් හිටියත් කෙල්ලට ඒ වචන හීනෙන් වගේ ඇහුනා. ඒ කෙල්ල බලාපොරොත්තුවෙන් හිටපු කටහඩමද? නෑ.. ඒ ඒ කටහඩ නෙවෙයි. කටහඩවල් සිය ගානක් අතරින් වුනත් ඒ කටහඬ අදුරගන්න කෙල්ලට බැරිකමක් නෑ,මොකද ඒ කටහඬ ඒ තරම් කෙල්ලට විශේෂයි.
ඒත් දැන් කතාකරපු පිරිමි කටහඬත් හෙවුවේ කෙල්ලව කියලා කෙල්ල දන්නවා.'මාව හොයාගෙන ආවේ කවුද? ඇයි එයා ආවේ නැත්තේ? ඔයා කවුරු වුනත් මාව බේරගන්න.චේබල්..' සිහිය නැති වෙන්න යන අන්තිම මොහොතෙත් කෙල්ලට හිතුනේ එච්චරයි.
ජියාට ඕනේ වුනා කෑගහලා එයා ඉන්න තැන නාදුනන කටහඩේ අයිතිකාරයට කියන්න. එහෙම ඕන වුනත් මාස ගානකින් අවදිවුනේ නැති කෙල්ලගේ කටහඬ කෙල්ලට කතාකරන්න ඉඩ දුන්නේ නෑ.ඒවගේම අර මනුස්සයා මූනට අල්ලපු රෙදි කෑල්ලේ තිබුන සැර සුවඳ නිසා කෙල්ල දැනටමත් හිටියේ අවසිහියෙන්..
......................................................................
YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්රේමයක්ම කදුලින් අව...