Czish_77
- Reads 2,676
- Votes 359
- Parts 10
සමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට
හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට
පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට
ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට
සල්ලාලයින් හා එක්වී යහන් වල
ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම
ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම
කුමක් කරන්නද නොදනිත් බඩුව මම.
ඇහුවා නම් අම්මාගේ කීමට එදා මම
අද සුර රැජින අම්මාගේ පොඩ්ඩීය මම
නැති දා කාත් කවුරුත් තනි උන විටම
දැනෙනවා කරපු අවලම් වැඩ මැවි මැවිම.
කුමක් කරන්නද ජීවත් වෙනවා මිස
මැරුනොත් දරුවා කරාවි මේ සාප මට
තාත්තාත් නැතත් අම්මා ඉන්නවා උඹට
හැදියන් පුතේ උඹවත් හොඳ පිරිමියෙකුව
නැත ඉගෙනීම රැකියා මිල මුදල මට
අවසානයේ ඉතිරිය අම්මාගේ දෙයම
ගෑණුන් අපට ඇත මෝඩකම හොඳටෝම
ඉවසපං කෙල්ලෙ උඹේ හැගීමුත් යට ගහන
අකාලයේ විනාස කර ගත් ජීවිතයක වියෝව.
" නොමේරූ ලඳුන්" ✔️
[ Complete ]