නෙගටිව් 💜️
දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...