Hiyugojin22's Reading List
3 stories
Traid of Hearts  | B × G by missfiona18
missfiona18
  • WpView
    Reads 25,026
  • WpVote
    Votes 3,241
  • WpPart
    Parts 41
ඉටි සුවඳ විහිදුනු කබානාව ඇතුළේ ගතවන රෝමාන්තික මොහොත කුමාරිහාමිට වගේම නිළමෙටත් නැවුම් වෙද්දි තමා දෝතෙහි පූදින්නට පේ වුන කාල රෝස කුසුම දිහා ගිනිගත් දෑසින් ඔහු බලාසිටියේ යළිත් ඒ හිත හිස් නොවේදැයි යන සැකයෙනි. "උඹ මගේ ළඟට ගන්න දවස වැඩි ඈතක නෑ..... උඹට මගේ දෝතේ පූදින්ට බැරි නම්, පරවෙන්න ලෑස්තිවෙයං......" දසත විහිදුන අඳුරෙහි ගිලීගත් ඒ ගුගුරන හඬේ ගැඹුර කුමාරිහාමිගෙ සවනත නොවැකෙන තරමටම ඈ හිටියේ නිළමගෙ සියුම් හාදුවලින් මත්වෙලා වෙද්දි ඇගේ නාස් පුඩු දිගේ රුධිර බිඳු කීපයක් ගලා ආවේ ගිනිගත් දෑස් ඇත්තාගේ මුවඟ වියරු සිනහවක සේයා මවමිනි. "සුදූ..... ඔයාගේ නහයෙන්...." කුළුඳුල් හාදුව අවසානයේ නලල්තල මත සැනසුනු ඒ දෙහිස්, එකට පැටලුණු ඒ දෑස් හමුවේ වුව නුයාරාට නොදැනුනත් ඒ රුධිර බිඳු ෂෙවෙන්ගේ ඇහැගැටුනා.... "ආ.... රෑ එළියේ හිටි නිසා පීනසට වෙන්නැති....."