ashu_xyz
- Reads 5,446
- Votes 448
- Parts 50
මල් පිරි යහනක
රොන් ඉහිරී කිමද
අසන්නේ ඇයි
නුඹ කුහුලින ?
රොන් ගන්නට කෙදිනක
බඹරකු හෝ නොවේ නම්
මලකට වෙන්නෙම
පිරුනු රොන් සමගම
පර වී යන්නට...
පරව යන බව දැන දැන
සුවඳ හංගා සිටින්නෙ
කුමටද මලක් තව තව...
ඉතින් මලකට නොහැකිද
බඹරකු හෝ තව මලක් වෙනුවට
බලා හිඳින්නෙ නැතුවම
තනිව සුව විඳින්නට ?
එ නිසාම වෙන්නැති
මල් පිරුන යහනක
ඔතරම් රොන් ඉහිරී ඇත්තෙම...
බඹරුන් ඔය හැටි
දොස් නගන්නෙ ඇයි එයටම..?
#අශූ 🌻
- ආකාශ් නවීන්
©Lovely_Sunflower
telegram channel : ashuxyz09
tiktok : ashu_xyz
.................