Fragrant_Lily
- Прочтений 20,133
- Голосов 1,438
- Частей 40
මම බෙරෙත් පැත්තකින් තියලා ඩාන්සින් රූම් එකෙන් එළියට දිව්වෙ දිගැස්ව හොයාගෙන.. ඈත තියාම මම දැක්කා එයා අතු ගනට විහිදුණු වෙරළු ගහ යට ඉදන් අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක..
"ජීවිතේ හරි ලස්සන තැනකට
පාවුණේ නුඹ ආ විට මතකෙට" එයා හීනියට මුමුණනවා එයාට පිටුපාලා හිටපු මට ඇහුනා..
"මා ළයේ කැලතෙන පෙම් හැගුමට
තීරණේ විතරක් ඇති හනිකට" ඒ වෙලාවෙ මම ඇහුවෙ මගෙ හිතේ තියෙන ප්රශ්නෙ.. මෙච්චර කාලෙකට එයාගෙන් උත්තරයක් නොලැබුණු ප්රශ්නෙ..
"සිත්රු අයියෙ!? ඔයා? " දිගැස් එයාගෙ කලබල උනු අළුපාට ඇස් මා දිහාවට හැරෙව්වෙ හැමදාමත් වගේ මම ඒ ඇස් වි නිවිද ගිහින් පතුල පේන්නෙ නැති ආගාධෙකට වැටෙනකොට