💚❤️Reviving dead love hearts❤️💚
57 parts Ongoing ගොඩාක් අය හිතනවා තමන්ට මුණගැහෙන පළවෙනි ආදරය තමා අන්තිම ආදරය කියලා. එහෙම හිතන් ආදරේ කරලා පළවෙනි ආදරය නැති වෙලා ගියාම එදා ඉදලා එයාලා ආදරේට වෛර කරනවා. වගේම ආයෙම ආදරේ කරන්න බය වෙනවා. ආදරය ගැන තියෙන විශ්වාසය නැති වෙනවා..එක වගේම අවන්කව කෙල්ලෝ දෙන්නෙක්ට පණ වගේ ආදරේ කරපු කොල්ලෝ දෙන්නෙක් පළවෙනි වතාවට ආදරෙන් පැරදිලා දෙපැත්තකට වෙලා දුක් විදිනවා... ඉතින් ඒ ආදරෙන් පැරදිච්ච කොල්ලෝ දෙන්නා අහම්බෙන් මුණගැහිලා ආදරේ කලොත්...........
💚දඩබ්බර හිතක් ලග
නතර වුනු අපූරුව...
තෙතක් නැති හදවතක
පෙම පිරුනු අපූරුව...
ගලක් වැනි කියූ හිත
උනු වෙච්ච අපූරුව...
මටම පුදුමයි මටම
හිමි වෙච්ච ඔබේ ගැන...💚
❤️මියැදිච්ච හදවතට
පණ පොවපු අපූරුව...
හද පුරා ඔබේ නම
ලිය වෙච්ච අපූරුව...
නෙත ගැටෙන හැම තැනම
ඔබ මැවෙන අපූරුව...
මහ මෙරක් ඔබෙන් මට
හිමි වනා ආදරය...❤️