ආදරණීය වස්සානය
ඔබට මට, අප සියල්ලන් ම ජීවිතයේ ආදරය අත්විඳ ඇත්තෙමු, අත් විඳින්නෙමු. ආදරය සොඳුරුය. විඳින්නන් අතර ආදරය විඳවන්නන් ද බොහෝ ය. එකම කැදැල්ලක එක්ව දුටු සිහිනය සැබෑවක් කරගත්තන් අතර සිහිනය සිහිනයක්ව ම වී මග රැදී ඉන්නවුන් බොහෝය. ආදරයේ මිහිරියාව මෙන්ම අමිහිරිය ද වේ. හැම හදකම එක් කොනක ආදරයක ආදරණීය මතකයක් වේ.
ආදරය ජීවිතය ට එකතු කරන දෑ බොහෝ ය. අප සිත රැඳෙනුයේ එහි සුන්දරම මතකයන් ය.
ජීවිතය ජීවත් කරවන ආදරය හඳුනා ගත්තේ නම් ආදරය විඳවීමක් නොවන්නේ ය. එය සැබෑම විඳීමකි. ජීවිතය ට හුස්ම පොවන්නකි. සුන්දරම මතක දෙන උල්පතකි. එහෙව් ආදරයක්, සුන්දර ආදරයක් හමු වූ තැන ජීවිතය වසන්තයකි.
ආදරණීය වස්සානය, ආදරය විඳින විඳවන සොඳුරු හදවත් වලට ස්නේහයෙන් අකුරු කරමි.Hak Cipta Dilindungi Undang-Undang