කලකින් දුටුව නුඹේ රූ පය සසල කළා මුළු ගතම මොහොතින් මොහොත කඩා වැටෙන මා සිතම හඩා වැටෙනවා තව තවත් අසරණව සිහිවන විට මතක.... ඉවසන්න බෑ හිස රිදෙනවා අවදිවු මතකය නිසා අමතක කරනට බෑ තවමත් නුඹටම ආදරේ නිසා විදවමි සැමදා තනිවම මා වේදනාව බෙහෙතකින්වත් සුව නොවන නිසා.... ඉකිබින්දත් තනිව සිහිකරමින් ඒ සොදුරු මතකයන් ඉතිරි වන්නේ කදුළු පමණක්ම බව මා දැන්නම් දනිමි හොදින් නොලැබුනමුත් නුඹේ වන්නට මේ සසරෙහි ජිවත් වෙමි මා නුඹේ නමින්....(CC) Attribution-NoDerivs