ඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි.ඒත් ඔහූ ඇයගේ ජීවිතයට පිවිසියේ ඇයටත් නොදැනිමය.ඔහු ඇයගේ මුළු ජීවිතයම උනේ ඇයටවත් නොදැනිමය.ඔහුට ආදරය කිරීමම හේතුවක් උනා ඇයට ඇගේ ජීවිතෙ ලබන්න පුලුවන් ලොකුම වේදනාව විදින්න ....