ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයෙන් පසු කාලයේ ආර්ථිකමය වශයෙන් විශාල පසුබෑමකට ලක්ව තිබුණි. ජර්මනිය නැගෙනහිර හා බටහිර ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කර තිබුණි. මෙම කතාව බටහිර ජර්මනිය පසුබිම් කරගෙන ගොඩනැගී ඇත. මෙම කතාන්දරය බටහිර ජර්මනියේදී මුණ ගැසෙන ජර්මානු ක්රිස්තියානි තරුණයෙකු හා ජර්මානු යුදෙව් තරුණයෙකු අතර ඇතිවන පෙම් සබඳතාවයක් වටා ගෙතී ඇත. ** ආලයට ලිංගිකත්වය, වයස් පරතරය, ජාතිය, ආගම, සමෙහි වර්ණය අදාළ නොවේ. ***ආලය වූකලී දෙහදවතක් අතර පැන නගින්නා වූ සුන්දරතම හැඟීමකි. ඊට විරුද්ධ වීමට හෝ ඊට අකුල් හෙලීමට කිසිවකුට අයිතියක් නැත්තා සේම එය ප්රශ්න කිරීමට ද කිසිවකුට අයිතියක් නැත්තේ ය. **** ආලය නම් මිහිර ඵලය රස විඳීමට සියල්ලන්ට ම අවසරය ඇති අතරම ඉන් ජීවිතය ගොඩ නගා ගැනීම හෝ ආගාධයකට පතිත වීම එය රස විඳින්නා විසින් ගනු ලබන තීරණය මත රඳා පවතී. ***** සම්මතය හා අසම්මතය නම් වූ