මේ ලෝකේ සාධාරණද අසාධාරණද කියලා කාටවත් කියන්න බෑ. එක පැත්තක් සාධාරණ වෙද්දි ඒකම තව කෙනෙක්ට අසාධාරණයක් විය හැකියි. ඒත් මනුශ්යන්ට ඇතිවන අසරණකම් ඉස්සරහදි කිරීමට තිබෙන පහසුම හා ඉක්මන්ම දේ සිදු කරනවා මිසක් සාධාරණ, අසාධාරණයකම් මනින්නේ නෑ.
ඔවුන්ටත් උවමනා වුනේ සාධාරණ ලෝකයක්. ඒ නිසයි ඔවුන් එකතු වුනේ, සටන් කලේ. ඒත් ඔවුන් අතින් සිදු වූ අසාධාරණයම් ඔවුන් පිලිගනීද? යොවුන් වියේදිම ඇති වූ ඛේදාන්ත පසෙක ලා ඔවුන් සතුටින් සිටිද? තමන් සාධාරණ යැයි සැලකූ දෙය අසාධාරණයක් බව දැක ඔවුන් කලෙස එයට මුහුණ දෙයිද? මෙය භෞතික ලෝකට ඉක්මවා ගිය සටනක් වෙයිද? ඒ සෑම දේ හමුවේ ඔවුන්ගේ එකමුතුකම්, මිතුර ුකම් හා ආදරය එක ලෙස පවතීද?All Rights Reserved