ආලෝක රිදීගෙදරට හොල්මන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ... ඒ මැරුණ වැඩිමහල් සහෝදරයාගේ අවතාරය තමන්ගේ ඇස් දෙකින්ම දකිනකල්. කෙනෙක් මැරුණම අවතාරයක් වෙලා එන්නේ, අවසන් කරගන්න බැරිවුණ යමක් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙන නිසාලු. එතකොට පහන් රිදීගෙදරට අවසන් කරගන්න බැරිවුණේ මොකක්ද? එයා කියන්න හදන්නේ මොකක්ද? ජයග්රාහකයාගේ තෑග්ග හැටියට රුපියල් මිලියන එකහමාරක මුදල් ත්‍යාගයක් එක්ක ගීත ඇල්බමයක් නිකුත් කරන්න අවස්තාව තියෙනකොට පලිඟු කවිරත්න 'වොයිස් ඔෆ් නෙක්ස්ට් ජෙනරේෂන්' රියලිටි තරගයෙන් ඉවත් වෙන්නේ හැම දෙනාවම පුදුමයට පත් කරන ගමන්. හැමෝගෙම හදවත් තමන්ගේ කටහඬින් වශී කරපු පලිඟු එහෙම කරන්න හේතුවක් කාටවත් කියන්න පුළුවන් වුණේ නැහැ. සමහරවිට මේ ලෝකයේ නතර වෙලා ඉන්න පහන්ගේ ආත්මයට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන් වේවි. (සිංහලෙන් රචනාකෙරුණු සමරිසි චරිත ඇතුලත්වන කතාංගයකි.)