61 parts Ongoing Mature.... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම මගේ ජීවිතේ විඳලා තියෙන ලස්සනම හැඟීම! ඉතින් මම "ආදරේ" කියන්නේ ඔයාට. ඔව් ඒ ඔයාට විතරමයි මගේ ශ්‍රී.....
~ ශෙනාල් අනුහස් අභිශේක වනිගසේකර ~
...... මම දන්නවා මට මුණ ගැහුණේ මේ ලෝකේ ඉන්න ආදරණීයම මනුස්සයා නෙවෙයි කියලා. ඒත් මට මුණගැහුනට පස්සේ එයා මේ ලෝකේ ආදරණීයම මනුස්සයා උනා කියලා මම විස්වාස කරනවා. මොකද එයා වෙනුවෙන් තාමත් මගේ ලඟ ආදරේ ටොන් ගානක් තියෙනවා. ඉතින් මට විශ්වාසයි මං තරම් කවුරුවත් ඔයාට ආදරය කරලා නෑ කියලා මගේ ශේනූ අයියේ.....
~ ශාක්‍ය අදීප ශ්‍රීමාල් වනිගසේකර ~