5 parts Complete 𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠
ʲᵃⁿᵘᵃʳʸ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²²
ආදරණීය හැන්දෑව,
ඔයාගේ රන්පාටින් නෑවුණු,
මගේ ජින්ගේ ඒ රන්පාටවුණු,
තද දුඹුරුපාට ඝනකම් කොන්ඩය,
හුලගට හෙලවෙද්දී,
හරිම ලස්සනයි.
ආදරණීය හැන්දෑව,
ඔයාගේ රන්පාටින් නෑවුණු,
මගේ ජින්ගේ තොල් අතර ඇදුණු,
ඒ හිනාව,
හරිම ලස්සනයි.
ආදරණීය හැන්දෑව,
ඈත අහසේ දිදුලන තාරකා වගේ
දිලිසෙන මගෙ ජින්ගේ
තද දුඹුරුපාට දෑස්,
ඔයාගේ මේ රත්රන් පාටින් දිදුලද්දී,
මං පුදුමාකාර විදිහට එයාට
ආකර්ශනය වෙනවා.
ආදරණීය හැන්දෑව,
ඔයාගේ රන්පාටින් නෑවුණු,
මේ මුලු හැන්දෑවම,
ඒ රන්පාට වගේම,
ආදරණීය සතුටක්,
මගේ හිතට ගේනවා.
ඉතින් ආදරණීය හැන්දෑව,
ජින්ගේ තොල් අතර ඇදුනු,
ඒ සුන්දර හිනාව,
ඒ තොල් අතර හිර කරන්න,
මගේ හදවතට දැනෙන සතුට,
හැමදාටම මං ලග තියන්න
පුලුවන් වෙන්නේ,
ඔයාටම විතරයි.
මොකද කිව්වොත්,
මේ ආදරණීය හැන්දෑව තමයි
මගෙයි, ජින්ගෙයි
ආදරයේ අනාගතයට
පාර කියන්නේ...
₁₅.₀₁.₂₀₂₂