මිනිස්සු නම් කිව්වෙ ඒ විශාල මාලිගා දොරටුවලට එහායිනුත්, මහා වනන්තරේ සීමාවේ සුවිශාල ජල තටාකය සමීපයේ දුටුවන් නෙත් සිත් ආශාවෙන් අන්ධ කරන කරම් මනස්කාන්ත යෝධයාගේ මල් උයන පිහිටලා තියනවා කියලා . ඒ කිසිම කෙනෙක් යෝධයාගේ මල් උයන සීමාවට තියා යෝධයාගේ මන්දිරෙන් දුමක් නගිනවා පේන හරියකටවත් පය තියන්න තරම් ධෛර්යවන්ත උනේ නැහැ.... ඒත්..... දවසක් දා.... හදිසියේ කුඩා ගම්මානයට කොහෙන්දෝ කඩා වැටුණු බෝල කම්මුල් සහා මුහුදු නිල් ඇස් පාට අමුතු ජාතියේ ඇට්ටර කොල්ලෙක් එයාගේ විපරම්කාරි ගමනින් යෝධයගේ මන්දිරේ දිහාට ඇවිදගෙන යනවා කවුරු හරි දැකලා තිබුණා. එදායින් පස්සෙ ඒ තරුණ හාදයා ගැන කිසිම ආරංචියක් තිබුණෙ නැහැ .....All Rights Reserved
1 part