"වෙයි යින්ග්!"
ඔහුගේ මුවෙහි නිතර රැඳුණු නාමය විය.
නිරාත්රී නගරයේ ලුඅන්ශාන් කඳු අන්තයේදී වෙයි වූෂියෑන් ලන් වන්ග්ජිගේ හස්තය හැරදමා දිවියෙන් නික්ම ගිය මොහොතේ පටන් 'ඔහු' තම හුදකලා, වේදනාකාරී දිවිය ගත කළ අන්දම මෙහි ඇතැම් සිද්ධීන් මගින් මතු කර දක්වා ඇත. ප්රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙහිදී කතාව රචිත ය.
මෙය 'Mo Dao Zu Shi' වෙබ් නවකතාව, 'The Untamed' වෙබ් කතාමාලාව, 'LuvLaws ගේLan Zhan's Untamed' සහ 'Wei Ying (Lan Zhan's Memory)' ඇසුරෙන් පිබිදීම ලබා ඇත.
මෙහි එන අදහස් 'Mo Dao Zu Shi' වෙබ් නවකතාව හා 'The Untamed' වෙබ් කතාමාලාව ආශ්රයෙන් රචනා කොට ඇති අතර ඇතැම් සිදුවීම් සපුරා වෙනස් විය හැක.
කතුවර දෘෂ්ටි කෝණයට අනුව ඇතැම් සිදුවීම් රචනා කොට ඇත.
මූලික ආශ්රිතයන්ට අපහාසයක් කිරීමේ අරමුණින් හෝ එහි රසයට හානි වන ලෙසින් හෝ රචනා කිරීමට නොසිතූ අතර එසේ සිදු වී ඇත්නම් සමාව භජනය කරමි.
**Just a Fan FictionAll Rights Reserved