ලබා ගන්න බැරි ආදරයක් වෙනුවෙන් හීන මවනවා කියන්නෙ හරියට අහසෙ තියෙන හදයි මේ මහ පොළොවයි වගේ..........🥺 මේ මහ පොළොවෙ ඉන්න අපි ලගයි කියලා හිතන් ඉන්න ඒත් ගව්ගානක් දුරින් තියෙන ඒ අහසෙ ලස්සනට පායලා තියෙන හද දිහා මොනතරම් බලන් හිටියත් , ඒ හදට මොනතරම් ආදරේ කරත් , ඒ හද ගැන මොනතරම් හීන මැව්වත් ඒ හද කවමදාවත් අපේ දෝතට ගන්න බෑ නේද....? ඉතිං ඒ වගේ නේද ලං වෙන්න වත් බැරි ආදරයක් වෙනුවෙන් හීන මවනවා කියන්නෙ🥺 ඒ සදාකාලික ඇත්ත ඒ විදියටම තියෙද්දි සමහරුන්ගේ ජීවිත වල හාස්කම් සිද්දවෙන්නෙ අදහාගන්නවත් බැරි විදියට🍁හරියට මුලු ලෝකයක් එයාලා දිහා බලන් එයාලට ආශිර්වාද කරනවා වගේ❤️💫