කෙටි කලෙකින් ආධ්‍යාත්මික බලයේ හිනි පෙත්තටම ළඟා වු ඔහුට අවසානයේ අඳුරු මායාව භාවිතා කොට තම බලය වැඩි කර ගැනීමට උත්සහා දැරීම හා තමාගේම නිකායේ ගුරුතුමාව මරා දැමීම යන චෝදනාවන්ට වැරදිකරු වීමටත් ඔහුට මෙතෙක් කල් තමාට හොඳින් සැලකූ තමාට ගරු කර සියලු දෙනාගේම වෛරයට ලක් වීමටත් සිදුවිය. අවසානයේ සියලු දෙනා එක්ව ඔහු විනාශ කිරීමට උත්සහා කළත් එහිදී වෙනත් මානයකට ඔහු ඇදී යයි....
"මරණය හහ්... හිතනවද ලේසියෙන් මාව මරණයට ඇදලා දාන්න පුළුවන් කියලා. තමුන්ලා කියනවා වගේ මම ද්‍රෝහි වෙලා තියෙනවනම් මම මැරේවි, මගේ අලුවත් හොයා ගන්න බැරි වේවි. ඒත් මම නිර්දෝෂීනම්..., මරණයටවත් බෑ මාව පරාද කරන්න. මම ආපහු එනවා අනිවාර්යෙන්ම එනවා මොකද මම කිසි වැරැද්දක් කරලා නෑ."
"ඒ එයාම තමා, ඒ ඇස් දෙක..., ඒ කියන්නෙ එයා ඇත්තටම නිර්දෝශීද. ඒත් ඇයි, ඇයි එයා ආයෙ ආවෙ නැත්තෙ. මොකක් හරි වැරැද්දක් වෙලා. එයාව හොයා ගන්න වෙනවා.All Rights Reserved