මට සමාවෙන්න ටේයුන්ග්. ඒත් මම දන්නවා මම සමාව ලබන්න සුදුසු නෑ කියලා. ඒත් මට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් වුනේ සහෝදරයෙක් විදිහට කරන්න අකමැතිම දේවල් විතරයි. ඔයා නැති අඩුව මට හොඳට දැනුනා. ඔයා කිව්වා ඔයා ආදරේ කරන්නේ එක කෙනෙකුට වුනත් ඔයාට ගැලපෙන කෙනෙක් ලැබුන දවසක ඔයා එයාව මැරි කරනවා කියලා. ඔයත් ආදරේ කලා. මමත් ආදරේ කලා. ඔයාට ඒක ගන්න බැරි වුනා. මටත් ඒක ගන්න බැරි වුනා. ඒත් ඔයා මාව දාලා ගියා. මට ඕනෙම කෙනා මාව දාලා යනකොට දැනෙන වේදනවා ඔයා දන්නවද ටේයුන්.? මම දන්නවා... මම ඔයාට හිත රිදෙන දේවල් කියනකොට ඔයා සද්ද නැතුව අහගෙන හිටියා. මම බනිනකොට ඔයා සද්ද නැතුව අහගෙන හිටියා. මට උදව් ඕන වෙලාවට මම ඔයාට කෑගහලා උදව් ඉල්ලගත්තා. අනිත් හැමෝම ඉන්න තැන මම ඔයාව අපහසුතාවයට පත් කලා. මම දන්නවා ටේයුන්. මම දන්නවා ඔයාට කොච්චර දුකක් දැනෙන්න ඇතිද කියලා. ඒත් මේ දඬුවම ලොකු වැඩියි ටේයුන්. ඔයාගේ චිම්ට මේAll Rights Reserved