වන්ග් යීබෝට ආදරේකරන... ලංවෙන... යීබෝගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට යීබෝගේ එකම යාළුවා සියෑන්, යීබෝව විශ්වාසකළේ නෑ. සියෑන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා යීබෝ එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට යිබෝගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස් පාසලේ අන්තිම වසරට සියාඕ චාන් ඉස්කෝලෙට ඇතුල්වුනා. අලුතෙන් ආපූ සියාඕ චාන් එව්ව ලියුමෙන් යීබෝගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු යාලුවගේ අවසන් කැමැත්ත.... සියෑංගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න වන්ග් යීබෝ එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සියාඕ චාන්වගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි. ඉතින් මේ මගේ හිත කතාවේ යීචාන් (Untamed) සබැඳිය...