'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා.
මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ?
'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා.
එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත් ගොඩක් දිගයි. මට දවසම වුණත් එයාගේ මූණ දිහා බලන් ඉන්න පුළුවන් කමක් තිබුණා. මම එයා දිහා බලන් හිටපු හැම වෙලාවෙම එයා ඇස් කොණින් මං දිහා බැලුවා කියලා මම දැනන් හිටියා.
කැමති නොවුණත් නැතත්, මම හතරවෙනි වතාවටත් කෙනෙක් ගැන තදින්ම හිතන්න අරන් තිබුණා.
#දුඹුරුඇස්All Rights Reserved