කකුල් දෙකම බිම ගහගෙන මම ඇඳ යටට එබුනේ පොත ගන්න අත දික්කරන ගමන්... එහෙමම අත දික් කරල පොත වහලාම මම ලඟට ඇදලා ගත්තා.. දූවිලි ගොඩයි... දූවිල්ලටම මුල් පිටු වැහිලා ගිහින්.. හෙමින් සැරේ මං අතෙන්ම දූවිලි ටික පිහදැම්මේ නම බලන්න තිබුන හදිස්සියට...
" 𝐈𝐍𝐀𝐘𝐀𝐓𝐇 "
පොතේ නම වුනේ " ඉනායත් "... හෙමින් සැරේ තැනින් තැන පොත පෙරලලා බලද්දියි තේරුනේ මේක නිකම්ම නිකම් පොතක් නෙවෙයි කියල.. මේක ඩයරි එකක් වගේ.. ඩයරි එකක්ම නෙවෙ.. ඒත් ඩයරි එකක් වගේ... දන්නෙ නැ.. මට තේරෙන්නෙ නැ..
ඒත් අවසානයක් නැතුව කටුවට ලියවුන අපැහැදිලි අකුරු ගොඩකුත් එක්ක කතාව ඉවර වෙලා තිබුනා..
" ඉනායත්..."
ආයෙම පාරක් මුල් පිටුව බලපු මම ඇඳෙ ඉඳගෙනම දූවිලි පිරිච්ච පලවෙනි පිටුව පෙරලුවා...
ඉතිං..
මොකද කියන්නෙ..
ඔයාලත් එනවද එහෙනම්..
මාත් එක්ක මේ පොතේ පිටු පෙරලන්න..
🦋🌻🍂
#diary_by_Inayath
✍️𝓣𝓱𝓾𝓾𝓛𝔂All Rights Reserved