"පළිගැනීම කියන වචනෙ තේරැම දන්නවද?" ඇත පෙනෙන විචිත්ර වර්ණයන්ගෙන් ආලෝකමත් වු සොල් නඟරයා දිහා බලාගෙන ඩැනියෙල් ඇහුවෙ තමන්ගෙ එහා පැත්තට වෙලා ඉදගෙන ස්නැක් පැකට් එකක් කඩාගෙන කන චැන්යොල්ගෙන්. එත් චැන්යොල්ගෙන් උත්තරයක් වෙනුවට ලැබෙනෙ සමච්චල් සහගත හිනාවක්. "පලිගැනීම කියන්නෙ පලිගැනීමට බෙබී ඔයා ඒකවත් දන්නෙ නැද්ද?" ඩැනියෙල්ගෙ කමුලක් මිරිකපු චැන්යොල් ඒ කමුල මතින්ම හාදුවක් තවරලා ඇහුවෙ ඩැනියෙල් ඈත සොල් නගරය දිහා බලාගෙන සුසුමක් පිට කරද්දී "පළිගැනීමට පුලුවන් ජීවිතයක් ඇති කරන්න වගේම නැති කරලා දාන්න?" ඩැනියෙල්ගෙ වචන එක්ක චැන්යොල් පුදුම සහගත බැල්මකින් ඩැනියෙල් දිහා බලාගෙන හිටියා. Starting Date - 28/03/2023 Ending Date - ?