"මම එයාට ආදරෙයි මම හිතන්නේ" "කාටද?" මම ඇහුවෙ දහස් වෙනි වතාවටත් ඒ එයා වෙන්න එපා කියලා ප්රාර්ථනා කරන ගමන්. "මේඝව ට" ඒත් මගේ ප්රාර්ථනා කවදද දෙවියෝ ඇහුවේ...? කවදාවත් නෑ... මගේ මූනට පොඩිම පොඩි හිනාවක් ආවා. සමහරවිට මගේ අසරණකමට හිනාවෙන්න මගෙන්ම ආපු හිනාවක් වෙන්නැති. "ඔයාලා දෙන්නා හොඳට මැච් වෙනවා නිවී..." මම මගේ හිනාව තව ටිකක් වැඩියෙන් පෙන්නන ගමන්ම කිව්වේ වෙනසක් නොදැනෙන්න. මගේ යාළුවා සහෝදරයා වගේ ඉන්න එකා අන්තිමේ දි ආදරේ කරන්න පටන් අරගත්තු එකට මට දහස් වතාවක් සතුටුයි. ඒත් ඒ ආදරේ කරන්නේ මගේ ආදරේටම කියලා දන්න නිසා පපුව පැලෙන්න තරමේ දුකයි. AUTHOR : QNIKI 28/04/2023
2 parts