ලාවුළු | boy love | ongoing
48 parts Ongoing Matureඩුකු ඩුකු ඩුකු !
මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්.
ඒ අතරෙ ඒ ලන්ද මැද තිබුනු පුන්චි ගේ පිලිකන්නෙ ඉදන් ඇහුනු කන්දොස්කිරියාව නිසා ලාවුළු ගසුත් කලකිරීමෙන් හීල්ලුවෙ කාලයක් තිස්සෙ ඇහෙන මේ නාඩගම් වලින් විවේකයක් නැතුව.
"තරහ ගන්න එපා සුදු මහත්තයා ! තරහ නිවන්න"
අජේ කියනවා ඇහිලා මදුරුවො තල තල ඉදපු අජේගෙ සුදු මහත්තයා බෙරිහන් දුන්නෙ ඔලුවෙ අත ගහගෙන.
"අනේ යකා අවුස්සන්නෙ නැතුව පැත්තකට පලයන්කෝ !"
_____________________
කතෘ අයිතිය : ගුම්බො බැම්බි
*සමරිසි චරිත ඇතුලත් සිංහල යොවුන් නවකතාවකි