විකෘති - Mutations ( Onhold )
7 parts Ongoing Matureමඟ හැරී ගිය ප්‍රේමයේ , නොමැකෙන වේදනාවන් මෙතෙක් දුර රැගෙන පැමිණි ඒ විකෘතිමත් බාලගිරි පෙම්වතුන් හට මේ කුරිරු පිළිතුරු ජවනිකාව,මගේ මුළු හිස් හදවතින්ම පුදමි....!
..........................................................................................🤍
අදටත් ඒ සඳළුතල, ඒ මතක දරාගෙන සිටිනවා ඇති ද? දුටු ඒ මනස්කාන්ත දර්ශන යළිත් අපේ නෙත් තුළ කවදා හෝ දර්ශනය වනතෙක් අපි ඒ මවුන්ට් ලැවීනියා සිහිනය තුළ හැමදාම ඉදිමුද?
තාමත් ඉඳහිට ලැබෙන ක්ෂණික පණිවිඩ වලට හිත හිරි වැටී යන බොලද සිතුවිලි ඇති වසන්තයක් පැමිණි දවසක මේ හැම බැඳීමකටම අවසානයක් දෙන්න අපි එකඟ වෙමුද?
අදටත් විකෘති බලා බැඳීම් ඇති කර ගැනීමට එන ගැටවර යන් දෙස අන්තිම පේලියේ සිට ඉඳගෙන බලා ගෙන ඉන්න හදවතක් , නොදැනෙන පරිදි මග හැර යෑමට එන්න පුළුවන් ද?
- Nimshik - 🫀🩵