කිරට නොහැරුනත් රුධිරය අනේ මගේ කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේ උතුම් මව් පදවිය හැමදා ගෑණුන්ට නමුත් අගය නැත සමහර ගෑණුන්ට දරුවන් පාරේ දමා යන අද ගෑණුන්ට නැතිදෝ එන්නේ ස්නේහය ඔය හදවත් වලට ~ නිතුම් සෙනෙහස් බණ්ඩාර අන්නාසි ගැටයට බිළිදුන් මරනා මව් වරු අතර සෙනෙහස දෙන්න බැරි සමහර මව් වරු අතර දෝණිට සෙනෙහසක් වූ නුඹේ හදවත් පතුල මැණිකකට සමයි අද උඹේ ඔය සෙනෙහස් ගගුල. ඉර පායන්නේ සැමදා උදයට වේය හද පායන්නේ සැමදා සවසට වේය පුරහඳ ඇත පෝදා හැම අහසකම දෝණිගේ හදවතේ පෑයූ පුරහඳ ඔබය. ~ මහීම් යෂ් වීරසිංහ මව් සෙනෙහස අහිමි වූ දුවනියට සැබෑම මව් සෙනෙහස ලබා දුන්නේ ඔහුයි.. Non-Fiction BL ✔️