නපුරටම බැදිලා ගිය හදවතක්...
තද රතුටම හුරු ඇස් දෙකක්...
විලාප වලට සංවේදී දෙසවනක්...
රාජ්‍යයට පායපු 'ලේ හදක්'...
හා සටන් වදින නිල් හදක්...
කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න ගත්තේ ඒකේ පාලකයා විදිහට ඔමේගාවක් නම් කලාම!
ඔමේගාවෝ කියන්නෙ යටහත් අහිංසක ජාතියක් වෙද්දි ගෝර්යෝ, ශිල්ලා, බෙක්ජේ කියන රාජ්‍ය තුනම කායාව අතෑරලා දැම්මා!
කායාව පාලනය කලේ දුර්වල ඔමේගා රැජිනක් වෙන්න පුලුවන්... ඒත් ඒක නිදහස්ම, සුන්දරම, සන්සුන්ම රාජ්‍ය උනා!
ශිල්ලා, බෙක්ජේ කියන්නේ හැමදාම එකිනෙකාට විරුද්දව සටන් වැදුනු රාජධානි වෙද්දි ගෝර්යෝ කියන්නේ වෙනම රාජධානියක්!
වියරු වැටුන බලවත් ඇල්ෆා පාලකයෙක් එක්ක ගෝර්යෝව කියන්නෙම විලාප නගන සද්ද, ලෙයින් තෙත් උනු පොලවක් එක්ක ලේ සුවදින් පිරුනු හුලගින් වැහුනු මූසල රාජධානියක්!Todos los derechos reservados