Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
28 parts Ongoing Matureමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න..
ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා රෝස පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! "
🍃 - Wrong Number - 🍃
By : Mandy