අවුරුදු පහළවක් තනියම ආදරේ කරන එක ලේසි දෙයක් නෙවෙයි මින්දුනී. ඒත් මම තාමත් ඒ පාසල් කාලෙ මගෑරිච්ච බෝල ඇස් තියන දඟකාර ගෑණු ළමයව හොයනව. ඒ වගේම කවදහරි එයා මගේ වෙනකන් බලාගෙන ඉන්නව. 'V' මගේ අතින්ම ඔය ජීවිතේ අන්දාකාරෙට ලියල දෙන්න යනව කියල මම කවදාවත් දැනගෙන උන්නෙ නෑ මිනූ. එහෙම දැනගෙන උන්න නන් මන් කවදාවත් වැරදි තීරණේකට ඔයාට බල නොකරන්න තිබ්බ. මට සමාවෙන්න. 'M' සුදුපාට හිම මැදින් හුළඟට මුසු විච්ච සමන්පිච්ච මල් සුවඳ, ප්‍රීතිමත් ජෑස් සංගීතය කොයි වෙලෙත් වාදනේ වෙන්න දෙන ලස්සන මිතුරිය සාරා ඔයා අසාධාරණයට ලක් වෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මතකද ඔයා අපිට දීල ගියපු කොළ පාට ඇස් තියෙන 'මූන්' කියන බළල් පැටියා, එයා තාමත් කෑම්ප් එකේ දොර අරින හැම පාරම දොර ළඟට ගිහින් ඔයා ආයෙ එනකන් බලන් ඉන්නව. ඒත් ඔයා එයිද ආයෙමත් ?All Rights Reserved
3 parts