"ඔයා හොදින්ද..." අංකල් අහනවා මට ඇහුනා. ඒත් ඒ මනුස්සයා කතා කලේ නැහැ. එයා ආයේ දුවන්න හැදුවත් ආපහු ඇදගෙන වැටුනා. මම දැක්කා එයාගේ කකුලෙන් ලේ එනවා. එයා එයාගේ මාස්ක් එක පහත් කලේ හුස්ම ගන්න අමාරුයි වගේ. එතකොටයි මම එතන හිටිය මනුස්සයව හරියට දැක්කේ. ඒ හිටියේ JK . BTS ලගේ JK. මම ඉක්මනට වාහනෙන් බැහැලා එයා ලගට ගියා. ඒ වෙද්දිත් එයා පස්සෙන් ආපු මිනිස්සු මේ සිද්ධිය දැකලයි තිබුනේ. එයාලා ලගට එන්න කලින් මම ජන්කුක්ට කතා කලා.All Rights Reserved