මන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම ඵලයකටද මන්දා අහම්බෙන් මට හමුවෙන නන්නාදුනන අසල්වැසියෙක්. තනිවුන මගේ ජීවිතේ තනිකම අමතක කරවපු කරදරකාරී නමුත් ආදරණීය මනුස්සයෙක් !!!!