ආදරය මේකට නීති තිබුනද නැත්තම් මේ කට නීති හැදුවද කදුළු වලට තෙමුන ඇස් පිහදාලා හිත හැදෙනකන්ම උණුසුම්මට තුරුල් වෙලා ඉන්න දෙන එකිනෙකාගේ ඇස් හම්බවෙන හැමමොහොතේම එකිනෙකා වෙනුවෙන් හදවත් වල දෝරේ ගලන හැගීම් එකිනෙකාට කියාගන්න වෙහෙසෙන එකිනෙකාව දකින මොහොතක් ගානේ හදවත් කීරි ගැහිලා යන හෙම්බත් වෙලා ඉන්න ආත්මය ට විවේකයක් ගන්න ඉඩ හදල දෙන ඒ උරහිස උඩින් ඔලුව තියද්දීම උස්සගෙන ඉන්න බර එහෙම්ම නැති වෙලා යන එක මතක් කිරීමකින් විතරක් හිත සැහැල්ලු වෙන තැනක නතර වෙන්න නීතියක් ඕනේ නෑ මේ වැටෙන හුස්ම වලට ඒ හුස්ම ලග දැනෙන නිදහස සදහටම දැනෙන්න අරින්න සීමාවන් තිබුනත් ඒවා ඉක්මවා යන්න මට දෙපාරක් හිතන්න ඕනේ ම නෑAll Rights Reserved