1914 වර්ෂයේ සරායෙවෝ සිද්ධිය මූලික කොටගනිමින් පළමුවන ලෝක යුද්ධයෙහි ගිනිජාලා ලොව පුරා ඇවිලිමින් තිබුණි. මධ්‍යම බලවතෙකු වූ ජර්මනිය ඔවුනට විරුද්ධ මිත්‍ර පාක්ෂික රාජ්‍යයන්වල නෞකාවන්ට පහරදී ඒවා මුහුදුබත් කළේය. යුධ නෞකා, වෙළඳ නෞකා මෙන්ම සාමාන්‍ය මගී ප්‍රවාහන නෞකාවන්ද නිතැතින්ම සතුරු ප්රහාරයන්ට ගොදුරු වූ තත්ත්වයක් තුළ රුමේනියාවේ රජු සිය රාජ්‍යයේ නෞකා ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා එරට බලවත්ම පාතාල කල්ලිය සමඟ ගිවිසුමකට එළඹිණි. එකිනෙකට සතුරු වූ රජ පෙළපතක් සහ පාතාල කල්ලියක් ඇති කරගත් ගිවිසුම ඔවුන්ගේ දෛවය කෙසේ තීරණය කරයිද?