එකී දිනයේ එක් කාල වර්ණ මොහොතකදී ඔබට මට අප සැමට ඒ අද්භූත චන්ද්‍රයාගේ සේයාවක් දෘශ්‍යමාන වීමට පටන් ගන්නේය. ශ්වේත වර්ණැති දිදුලන රේඛාවකින් කාල චන්ද්‍රයාගේ සීමා සලකුණු සටහන් වන්නට පටන් ගනියි. එය පෘථිවියේ එක් පරිපූර්ණ චන්ද්රග්රහණයකට සමාන වූවත් එලෙසට මෙකී නිම්නය තුළ චන්ද්‍රයා වසා දැමීමට කිසිඳු ග්රහයෙකු නොපවතින්නේය. එනම් එය කාල චන්ද්‍ර නිම්නයේ චන්ද්‍රග්‍රහණයක් නොවන්නේය. . . . . . නමුත් ශ්වේත මායිම් ලඳ කාල චන්ද්‍ර නිමේශය තුළදී, ඈ විසින් පෘථිවි ගර්භය තුළ එක් බලගතු ආත්මයකට මව් කුසකින් නික්ම මනුලොව ආලෝකය විඳින්නට ඉඩ ලබා දෙන්නීය. ශ්වේත වර්ණැති පුෂ්පයන් බිලියන ගණනක් අතර ඒ ආත්මය එක් දීප්තිමත් රක්ත වර්ණැති පුෂ්පයම වන්නේය!!