පරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට ලාවට වැටෙන පුරහඳ එළියෙන් පෙනුනේ හෙවනැල්ලක්. එන්න එන්නම විශාලවුන හෙවනැල්ල නතර උනේ උණු හුස්මක් මගේ ගෙල ගිනියම් කරමින් වෙද්දි, මට මතක් වුනේ මීට විනාඩි කීපයකට කලින් මගේ ස්මාට් වොච් එකට ආපු කෙටි පණිවිඩය. "සුදූ ඔයා තනියම නිසා එළියෙන් දොර ලොක් කරලා මම යතුර අරං ආවා."......
21 parts